ගෝඨාභය රාජපක්ෂ මූල්‍ය අපරාධ කොට්ඨාසයට | දිනමිණ

ගෝඨාභය රාජපක්ෂ මූල්‍ය අපරාධ කොට්ඨාසයට

විජයානි එදිරිසිංහ

සොහොන් කොත්වලට කෝටි 9ක් යෙදූ හැටි ගැන ප්‍රශ්න කරයි

වීරකැටිය යෝජනා ක්‍රමය නමින් ව්‍යාපෘතියක් ආරම්භ කැර ඒ හරහා ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ සහ එම මහත්මියගේ සො‍හොන් කොත් අලුත්වැඩියාව සඳහා රුපියල් කෝටි නවයක මුදලක් වැය කෙළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධව ප්‍රශ්න කිරීම සහ අත්සන් පරීක්ෂාව සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ඊයේ කැඳවා තිබිණි.

පැය දෙකක පමණ කාලයක් ඒ මහතාගෙන් ප්‍රශ්න කැර තිබිණි. පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියදී එවකට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් මෙම රුපියල් කෝටි 9 මුදල යොදවා ඇත්තේ ඩී.ඒ. රාජපක්ෂ පදනමටය.

පසුව ඒ හැර ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ සහ එම මහත්මියගේ සොහොන් කොත් අලුත්වැඩියා කැර එම ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා එම මුදල් යොදවා ඇති බව පරීක්ෂණවලින් අනාවරණය විය.

පසුව මෙම සිද්ධිය සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණ පවත්වා ඊට අදාළ පරීක්ෂණ අවසන් කැර නීතිපතිවරයාගේ උපදෙස් සඳහා පරීක්ෂණ ලිපිගොනු යවා තිබිණි.

පසුව ඊයේ ‍ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවා මෙසේ ප්‍රකාශයක් ලබාගත් බව මූල්‍ය අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 

නව අදහස දක්වන්න