පුපුරණ ද්‍රව්‍ය ගබඩා ජනශුන්‍ය ප්‍රදේශවලට | දිනමිණ

පුපුරණ ද්‍රව්‍ය ගබඩා ජනශුන්‍ය ප්‍රදේශවලට

රක්ෂණ ශ්‍රියන්ත

ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් පරිදි ‍යුද්ධ හමුදාවේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා ජනශුන්‍ය ප්‍රදේශවල ස්ථාපිත කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

මේ සඳහා විශේෂ යුද හමුදා අධිකරණ මණ්ඩලයක්ද පත්කර ඇති බවත් මේ පිළිබඳ වහාම සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති බවද ඒ සඳහා අවශ්‍ය වුවහොත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ආරක්ෂක ලේකම් වරයා පැවැසීය. ආරක්ෂක ලේකම්වරයා මේබව පැවසූවේ ඊයේ(07) ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා...

රජයක් ලෙසත් ත්‍රිවිධ හමුදාවත් කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සිදුවීම වැනි සිදුවීම් ඉදිරියේදී සිදුනොවීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙන අතර එම සිදුවීම සම්බන්ධවද ගත යුතු සියලු පියවර ගෙන ඇති බවද කීය.මේ සඳහා විශේෂ යුද හමුදා අධිකරණ මණ්ඩලයක්ද පත්කර ඇති බවත් මේ පිළිබඳ වහාම සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති බවද ආරක්ෂක ලේකම් වරයා පැවසීය. මෙයට අමතරව අපාරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද පරික්ෂණ පවත්වන බවත් රස පරික්ෂක වරයා හා මහේස්ත්‍රාත් පරික්ෂණද පැවැත්වූ බවද පැවසීය. සාලාව යුද හමුදා කඳවුර අවට ඇති ප්‍රදේශය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සිදුකරමින් සිටින පත් කිරීමට පියවර ගෙන ඇති බවද අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගය විවෘත කිරීමට ඊයේ දිනයේම (07) හැකිවනු ඇතැයිද පැවැසීය. ආරක්ෂක අංශ ප්‍රදේශයේ ආරක්ෂා සියයට සියයක්ම තහවුරු කරන තුරු කඳවුර අවට ජනතාවට පදිංචිනොකරන බව කී ආරක්ෂක ලේකම් වරයා සියලු දේ කරන්නේ ජනතාව අපහසුතාවයට පත් නොවන ලෙස කටයුතු කරමින් බවද පෙන්වා දුන්නේය. මේ වන විට සාලාව කඳවුර අවට පදිංචිකරුවන් 600ක් පමණ ආරක්ෂිත ස්ථාන වල සිටින බවත් ඔවුන්ට අවශ්‍ය සියලුම් අහාර පාන , වෛද්‍ය පහසුකම් ඇතුලු සියලුම දේ ලබා දීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශය හා යුද හමුදා‍ව ක්‍රියා කරන බවද පැවසීය.

සාලාව යුද හමුදා කඳවුරේ සිදුවීම වැනි පිපිරීම් වෙනත් රටවල් වලත් සිදුවු බවද මෙවැනි කඳවුරු ජනපති තුමාගේ උපදෙස් පරිදි ජන ශුන්‍ය පෙදෙස් වල ස්ථාපිත කිරිමට කටයුතු කරන බවද පැවැසීය.

සාලාව යුද හමුදා කඳවුරේ ඊයේ 907) උදෑසනද එක් පිපිරීමක් සිදුවු අතර ඉන් සෙබලෙකු තුවාල ලැබු බවද කීය.

උදය ගම්මන්පිළ මහතාට ඕනෑම දෙයක් කීමට නිදහස ඇති බවත් දැන් හදිසි නීතිය නොමැති නිසා ඕනෑම දෙයක් කීම ඒ මහතාගේ නිදහස බවත් එයට බාධා නොකරන බවද පැවසීය. වරදක් කර ඇති නම් යුධ අධිකරණයේ තීන්දු වලට රණ විරුවණ් ගරුකළ යුතු බවද රටේ නීතිය හැමදෙනාටම පොදු බවද පෙන්වා දුන්ණේය. රස පරික්ෂක වාර්තාව අත්‍යවශ්‍ය වාර්තාවක් බවද එය නොකැදවා සිටිමට කිසිසේත් රජය බලපෑම් නොකල බවද ආරක්ෂක ලේකම් වරයා අවධාරණය කළේය.

ජාතික ආරක්ෂාව යනු ඉතා පුළුල් විෂයක් බවත් එම වචනය ඉතා ප්‍රවේශමෙන් භාවිතා කළ යුතු බවද කීය. වෙනත් රටවලින් රටකට කරන බලපෑම්, සයිබර් ප්‍රහාර, සාගරයේ සිදුවීම් වැනි දේ ජාතික ආරක්ෂාවට තර්ජන වලට උදාහරණ ලෙස පෙන්වා දුන් ආරක්ෂක ලේකම්වරයා පෙරේදා(06) ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය රැස්වු බවත් එහිදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තීන්දු තිරණ රැසක් ගත් බවද පැවසීය. 

නව අදහස දක්වන්න