Home » පැරෂුට් අනතුරට හේතුව හෙළිවෙයි

පැරෂුට් අනතුරට හේතුව හෙළිවෙයි

by chanaka
January 30, 2024 8:24 pm 0 comment

නිදහස් සැමරුම් උත්සවයේ පෙර පුහුණුවීම් සිදුකරන අතර තුර පැරෂුට් භටයින් සිව්දෙනෙක් අනතුරකට ලක්ව අද (30) දහවල් රෝහල් ගත කිරීමට සිදු විය.

මෙලෙසට අනතුරට ලක්වූයේ ගුවන් හමුදා පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදා පැරෂුට් භටයින් දෙදෙනෙකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ සුළඟේ දිශාව අනපේක්ෂිත ලෙස වෙනස්වීම මෙම අනතුරට හේතු වී ඇති බවයි.

පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුර දී ඉහළ අහසේ සිට බිමට ඇදවැටී රෝහල් ගතකළ පැරෂුට් භටයින් සිව්දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව ගුවන් හමුදාව සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT