ජාතික තරුණ සේවා සභාවේ 2025 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම හා ඉදිරි තරුණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (24) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විය.
මෙම සාකච්ඡාව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීන්, පළාත් තරුණ සේවා අධ්‍යක්ෂවරු, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරු, තරුණ සේවා නිලධාරීන් සහ තරුණ සේවා සභාවේ නිලධාරීන් එක්ව සිටියහ.
දිවයිනේ සියලුම තරුණ සේවා නිලධාරීන් සමඟ තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව මෙලෙස සාකච්ඡාවක් පවත්වා ඇත්තේ පළමු වතාවටය. මින් පෙර පැවැති කිසිදු රජයක් තරුණ සේවා නිලධාරීන් සමඟ ජාතික තරුණ සේවා සභාවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කර නොමැත.
එම සාකච්ඡාවේ දී ජාතික තරුණ සේවා සභාව මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව ජාතික තරුණසේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජෙනරාල් සුපුන් විජේරත්නන විසින් ඉදිරිපත් කළේය.
ඒ අනුව යෞවන සමාජ පිහිටුවීම සිදු කිරීමට නියමිත අතර, බහු විධ මධ්‍යස්ථාන පිහිටුවීම්, ස්වෙච්ඡා සේවය දිරිගැන්වීම, Youth App, හවසට ITE , ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ නව නිර්මාණකරුවන්ගේ දක්ෂතා එළිදැක්වීම යන නියමු ව්‍යාපෘති මේ වසරේදි සිදු කිරීමට නියමිතය.
තරුණ සේවා සභාව සන්නාමකරණය, තරුණ සේවා සභාව ඩිජිටල්කරණය, කාර්‍ය මණ්ඩලය පුහුණු කිරීම, ජාතික තරුණ සේවා සභාවේ භෞතික සැලැස්ම සකස් කිරීම , තරුණ සේවා සභාවේ පුරප්පාඩු පිරවීම සහ අභ්‍යන්තර උසස් වීම් ලබාදීම, සියලුම ව්‍යාපෘති අධීක්ෂණය සහ නියාමනය කිරීම මේ වසරේ දී ආරම්භ කරන බව සභාපතිවරයා මෙහි දී ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ තරුණයන් ගොඩනැගීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත්, ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවත් පැවසීය.