Home » කාන්තා තුන්කොන් එක්දින සටන ඉරිදා සිට කොළ­ඹදී

කාන්තා තුන්කොන් එක්දින සටන ඉරිදා සිට කොළ­ඹදී

තරග නැර­ඹීම නොමිලේ

by mahesh
April 25, 2025 1:01 am 0 comment

නිරෝ­ෂාන් ප්‍රියං­කර
චමරි අත­පත්තු, ලෝරා වොල්වාඩ්, හර්ම­න්ප්‍රීත් කෞර්

ශ්‍රී ලංකාවේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවැ­ත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ ලබන ඉරිදා (27) කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වෙයි.

සත්කා­රක ශ්‍රී ලංකාව සමඟ ඉන්දීය සහ දකුණු අප්‍රි­කානු කාන්තා කණ්ඩා­යම් මේ තර­ගා­ව­ලි­යට එක් වන අතර, ශ්‍රී ලංකා – ඉන්දි­යාව තර­ග­යෙන් තර­ගා­ව­ලිය ආරම්භ වන්නේ ඉරිදා පෙර­වරු 10.00ටය. තර­ගා­ව­ලියේ මූලික වටයේ තරග 6 ලබන මස 6 වැනිදා දක්වා පැවැත්වේ. එහිදී සෑම කණ්ඩා­ය­මක්ම සෙසු කණ්ඩා­යම් සම­ඟින් දෙව­රක් තරග වැදී­මට නිය­මිත අතර, මූලික වටය අව­සා­නයේ ප්‍රසාද ලකුණු සට­හනේ ඉදි­රි­යෙන් පසු­වන කණ්ඩා­යම් දෙක අව­සන් මහ තර­ග­යට සුදු­සු­කම් ලබනු ඇත.

ශ්‍රී ලංකා පිල සුපු­රුදු පරිදී චමරි අත­ප­ත්තුගේ නාය­ක­ත්ව­යෙන් මේ තර­ගා­ව­ලි­යට එක්වන අතර, ඉන්දීය පිල හර්ම­න්ප්‍රීත් කෞර් විසි­නුත්, ලෝරා වොල්වාඩ් දකුණු අප්‍රි­කානු පිලත් මෙහෙ­ය­වති.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා­යම ඉන්දි­යාව සහ දකුණු අප්‍රි­කාව සම­ඟින් තුන්කොන් සට­න­කට එක් වන්නේ පළමු වරට වන අතර, තුන්කොන් තර­ගා­ව­ලි­යක් ක්‍රීඩා කරන්නේ වසර 16කට පසු­වය. ශ්‍රී ලංකා පිල මින් පෙර 2009 වසරේ බංග්ලා­දේ­ශ­යේදී සත්කා­ර­ක­යන් සහ පාකි­ස්තා­නය සමඟ තුන්කොන් තර­ගා­ව­ලි­ය­කට එක්ව තිබේ. ඉන් පෙර ආසි­යානු කුස­ලාන තර­ගා­ව­ලි­යේදී තෙව­රක් තුන්කොන් තර­ගා­වලි ක්‍රීඩා කර ඇත.

ශ්‍රී ලංකා කාන්තා පිල අව­සන් වරට පසු­ගිය වසරේ දකුණු අප්‍රි­කා­වේදී දකුණු අප්‍රි­කා­වට එරෙ­හිව එක්දින තර­ගා­ව­ලි­ය­කට එක්වූ අතර, එහිදී තරග 3කින් සම­න්විත තර­ගා­ව­ලිය 1-1ක් ලෙස ජය පරා­ජ­යෙන් තොරව නිමා විය. ශ්‍රී ලංකා පිල ඉන්දි­යා­වට එරෙ­හිව 2022 වසරේ අව­සන් වරට එක්දින තර­ගා­ව­ලි­යක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඉන්දි­යාව 3-0ක ජයක් වාර්තා කර තිබේ. දකුණු අප්‍රි­කාව සහ ශ්‍රී ලංකාව එක්දින පිටි­යේදී පසු­ගිය වසරේ හමු­වු­වත්, ඉන්දීය පිල හමු­වන්නේ 2022 වස­රෙන් පසු­වය. ශ්‍රී ලංකා පිල එක්දින පිටි­යේදී ඉන්දි­යාව 32ක් හමුව ඇති අතර, ජය ගැනී­මට සමත්ව ඇත්තේ තරග 2ක් පමණි. ශ්‍රී ලංකා අව­සන් ජය 2018 වසරේ සැප්තැ­ම්බර් 16 වැනිදා වාර්තා වන්නේ කටු­නා­ය­කදී කඩුලු 3කිනි. එහිදී ද චමරි අත­පත්තු විසින් ශ්‍රී ලංකා කණ්ඩා­යම මෙහෙ­යවා තිබේ.

දකුණු අප්‍රි­කා­වට එරෙ­හිව තරග 23කින් 5ක් ජය ගැනී­මට ශ්‍රී ලංකා­වට හැකිව තිබේ. ඉන්දි­යාව සහ දකුණු අප්‍රි­කාව එක්දින පිටි­යේදී 31 වරක් හමුවී ඇති අතර, ඉන් තරග 18ක් ඉන්දි­යා­වත්, තරග 12ක් දකුණු අප්‍රි­කා­වත් ජය ගෙන ඇත. තර­ග­යක් විස­ඳු­ම­කින් තොරව නිමා වී තිබේ. මේ තර­ගා­ව­ලියේ අව­සන් මහ තර­ගය ලබන මස 11 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තය.

මේ අතර දිවා තරග ලෙස පැවැ­ත්වෙන තර­ගා­ව­ලියේ සියලු තරග ක්‍රීඩාං­ග­ණ­යේදී නොමිලේ නැර­ඹීමේ අව­ස්ථාව ලබා­දී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය පිය­වර ගෙන තිබේ.

තරග කාල­ස­ට­හන
27 දා: ශ්‍රී ලංකාව – ඉන්දි­යාව
29 දා: ඉන්දි­යාව – දකුණු අප්‍රි­කාව
මැයි 02 දා: ශ්‍රී ලංකාව – දකුණු අප්‍රි­කාව
මැයි 04 දා: ශ්‍රී ලංකාව – ඉන්දි­යාව
මැයි 07 දා: දකුණු අප්‍රි­කාව – ඉන්දි­යාව
මැයි 09 දා: ශ්‍රී ලංකාව – දකුණු අප්‍රි­කාව
මැයි 11 දා: අව­සන් මහ තර­ගය

(සියලු තරග ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT