Home » පළමුවරට පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියෙන් පාසල් රග්බි තරග වාරය අද ඇරඹේ

පළමුවරට පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියෙන් පාසල් රග්බි තරග වාරය අද ඇරඹේ

by mahesh
April 25, 2025 1:00 am 0 comment

ෆවුස් මොහොමඩ්
ඩය­ලොග් ආසි­ආටා පීඑ­ල්සීහි සමූහ ප්‍රධාන අලෙ­වි­ක­රණ නිල­ධාරී ලසන්ත තෙව­ර­ප්පෙ­රුම මහතා විසින් පාසල් රග්බි සංග­මයේ සභා­පති සහ අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් කමල් ආරි­ය­සිංහ මහතා වෙත අනු­ග්‍රා­හ­කත්ව චෙක්පත භාර­දුන් අව­ස්ථාව. ඩය­ලොග් ආසි­ආටා පීඑ­ල්සීහි සන්නාම සහ මාධ්‍ය උප සභා­පති හර්ෂ සම­ර­නා­යක (වමේ සිට දෙවැ­නියා) පාසල් රග්බි සංග­මයේ ලේකම් මනුජ නිම්මන, භාණ්ඩා­ගා­රික චානක ධනං­ජය සහ තර­ගා­වලි ලේකම් නිරෝධ විජේ­රාම මහ­ත්වරු ද මේ අව­ස්ථා­වට එක් වූහ.

ප්‍රබලතම කණ්ඩායම් රඳවා තබා ගනිමින් තරගකාරීත්වය ආරක්ෂා කරගැනීම අරමුණ ඇතිව ඉතිහාසයේ පළමුවරට පාසල් රග්බි තරගවාරය පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියෙන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පියවර ගෙන තිබේ. මීට පෙර පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය පවත්වනු ලැබුවේ ලීග් තරගාවලියෙන් පසුව වුවත් මෙවර එම සම්ප්‍රදාය වෙනස් කිරීමට පාසල් රග්බි සංගමය පියවර ගනු ලැබුවේ සිය ක්‍රීඩකයන් ලීග් තරගාවලියේදී තුවාල ලැබීම හා උසස්පෙළ විභාගයට පෙනී සිටීම හේතුවෙන් ප්‍රබල කණ්ඩායම් රැසක් පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියෙන් ඉවත්වීම මඟහරවා ගැනීමට බව දිනමිණ කළ විමසුමකදී ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් මංජුල නිම්මාන මහතා ප්‍රකාශ කළේය.

අර්ධ අවසන් පූර්ව වටයේ සිට පැවැත්වෙන පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය සඳහා කණ්ඩායම් පෙළගැස්වීම මීට පෙර ලීග් තරගාවලියේ ප්‍රතිඵල මත සිදු කළ අතර, මෙවර පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය පළමුව පැවැත්වෙන බැවින් පසුගිය වසරේ ප්‍රතිඵල අනුව ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 16 බැඟින් ජනාධිපති, අගමැති සහ සභාපති කුසලාන සඳහා ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, එම තරග අවසන් පූර්ව වටයට පෙර වටයේ සිට පැවත්වෙන බව ද පාසල් රග්බි සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය. ඒ අනුව අවසන් පූර්ව වටයට පෙර වටයේ තරග මේ සති අන්තයේදී පැවැත්වෙන අතර, හෙට (25) ඩී.එස්.සේනානායක විදුහල සහ ධර්මරාජ විදුහල අතර සීආර් පිටියේදීත්, වෙස්ලි විදුහල සහ සාන්ත ජෝශප් විදුහල අතර තරගය කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදීත් පැවැත්වීමට නියමිතය.

මෙවර ජනාධිපති කුසලාන තරගාවලියට සාන්ත පීතර, ඉසිපතන, රාජකීය, ත්‍රිත්ව, සාන්ත තෝමස් ගල්කිස්ස, ඩී.එස්, වෙස්ලි, සහිරා, විද්‍යාර්ථ, සාන්ත ජෝශප්, ධර්මරාජ, විද්‍යා විද්‍යාලය, සාන්ත අන්තෝනි කටුගස්තොට, කිංග්ස්වුඩ්, ශ්‍රී සුමංගල මහනුවර සහ තර්ස්ටන් විදුහල් එක්වී සිටියි. මෙවරත් පාසල් රග්බි තරග වාරය වෙනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී පාසල් රග්බි සංගමය සමඟ එක්ව සිටී. මේ සඳහා අදාළ ඩයලොග් අනුග්‍රාහකත්වය පිරිනැමීම ද පසුගියදා සිදු කෙරිණි.

සති අන්තයේ තරග කාලසටහන

අද (25): ඩීඑස් – ධර්මරාජ (සීආර් පිටියේදී), වෙස්ලි – සාන්ත ජෝසප් (රාජකීය ක්‍රීඩා සංකීර්ණයේදී)

හෙට (26): ඉසිපතන – ශ්‍රී සුමංගල (රාජකීය ක්‍රීඩා සංකීර්ණයේදී), සහිරා – විද්‍යාර්ථ (හැව්ලොක් පිටියේදී), සාන්ත තෝමස් – විද්‍යා විද්‍යාලය (සීආර් පිටියේදී), ත්‍රිත්ව – සාන්ත අන්තෝනි (සීආර් පිටියේදී)

27 දා: සාන්ත පීතර – තර්ස්ටන් (රාජකීය ක්‍රීඩා සංකීර්ණයේදී), රාජකීය – කිංග්ස්වුඩ් (සීආර් පිටියේදී)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT