Home » මැජික් මිලියන කුසලාන තුරඟ තරගය මේ ඉරිදා

මැජික් මිලියන කුසලාන තුරඟ තරගය මේ ඉරිදා

by mahesh
April 25, 2025 1:00 am 0 comment

පසු­ගිය වසරේ මැජික් මිලි­යන කුස­ලා­නය හියර් ඇන්ඩ් නිව් අසු දිනා ගැනිී­මෙන් පසු හිමි­කා­රිනී පූර්ණි එඩ්වඩ්ස් මහ­ත්මිය සමඟ.

නුවරඑළිය වසන්ත උදානයට සමගාමීව රාජකීය තුරග සමාජය පවත්වන තුරඟ තරග මාලාවේ බොහෝදෙනකුගේ අවධානය දිනා ගන්නා මැජික් මිලියන කුසලාන තුරඟ තරගය මේ ඉරිදා (27) නුවරඑළියේ තුරඟ තරග පිටියේදී පැවැත්වේ. මේ තරගය රාජකීය තුරඟ සමාජය මේ තරගවාරයේ සංවිධාන කරන අවසන් තරග ඉසව්ව වීම විශේෂත්වයකි.

එඩ්වර්ඩ්ස් කලෙක්ෂන්ස් පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය සැණ‍කෙළි ස්වරූපයක් ගත් අතර, දෙස් – විදෙස් ප්‍රේක්ෂකයින් දහස් ගණනක් එක්ව සිටීම කැපී පෙනුණි.

රාජකීය මැජික් මිලියන කුසලාන තරගයට ශක්තිමත් ධාවකයන් පෙළගැස්මක් ඇති අතර, මෙදින තුරඟ තරග පිටියේදී තරග 5ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මීටර් 1070 දුරැති සුප්‍රීම් කුසලාන තරගය, මීටර් 1400ක් දුරැති අල්කසාබා කුසලාන තරගය, මීටර් 1400ක දුරක් දිවෙන බහුකාර්ය කුසලාන තරගය හා මීටර් 1600ට වැඩි දුරක් දිවෙන රේසිං ඇකඩමි කුසලාන තරග පැවැත්වේ. දිනයේ ප්‍රධාන තරගය වන මීටර් 1800ක දුරක් දිවෙන මැජික් මිලියන කුසලාන තරගය දහවල් 12.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

මේ මැජික් මිලියන කුසලාන තරගයට පසුගිය වසරේ ශූරතාව දිනාගත් හියර් ඇන්ඩ් නිව් අසු සහභාගි වන අතර, මේ වසරේ ආණ්ඩුකාර කුසලානය දිනාගත් එඩී ද ඊගල් අසු කාගේත් අවධානය දිනා තිබේ. එ‍මෙන්ම ස්ක්වෙයාර් ද ස්ර්කල්, ක්‍රැක් ඔෆ් ඩවුන්, කොස්මික් ෆීලින් හා පින්ක් ජැස්මින් යන අසුන් ද තරගයට උද්‍යෝගයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT