Home » මහේලගේ මුම්බායි 3ට එයි

මහේලගේ මුම්බායි 3ට එයි

by mahesh
April 25, 2025 1:00 am 0 comment

අයිපීඑල් තරගාවලියේ තරග 41ක් නිමාවන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මහේල ජයවර්ධන පුහුණුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් පිල සමත් විය.

හයිද්‍රාබාද්හිදී සත්කාරක සන්රයිසස් හයිද්‍රාබාද් පිල කඩුලු 7කින් පරාජය කළ මුම්බායි ක්‍රීඩකයෝ 5 වැනි ජය සමඟ තෙවැනි ස්ථානය අත්කර ගත්හ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් පිල ලකුණු 143කට සීමා කළ මුම්බායි පිල ඕවර 15.4කදී ජය හිමිකර ගත්තේ කඩුලු 3ක් දැවී තිබියදීය.

රෝහිත් ශර්මා පන්දු 46කින් ලකුණු 70ක් රැස් කරමින් මුම්බායි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, සූර්යකුමාර් යාදව් පන්දු 19කින් නොදැවී ලකුණු 40ක් රැස් කළේය. පන්දු යැවීමේදී ඒෂාන් මාලිංග කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

හයිද්‍රාබාද් පිල වෙනුවෙන් හෙන්රිච් ක්ලාසෙන් ලකුණු 71ක් සහ අබිනව් මනෝහර් ලකුණු 43ක් රැස් කළහ. පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 4ක් සහ දීපක් චාහර් කඩුලු 2ක් දවා ගත්හ. තරගයේ වීරයා සම්මාන බෝල්ට්ට හිමි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT