Home » වාරියපොළ වැව් වල් බිහි වී යල-මහ කුඹුරු වගාවන් අර්බුදයක

වාරියපොළ වැව් වල් බිහි වී යල-මහ කුඹුරු වගාවන් අර්බුදයක

by mahesh
April 25, 2025 1:00 am 0 comment

කටු‍පොත වි‍ශේෂ - බී.ඒ.එන්. ශාන්ත කුමාර

වාරියපොළ මැතිවරණ කොට්ඨාසයේ වාරියපොළ, අවුලේගම සහ නාථගනේ ගොවිජන සේවා කමිටු බලප්‍රදේශය තුළ පිහිටි කුඹුරු විශාල ප්‍රමාණයකට යල සහ මහ දෙකන්නයේ වගා කටයුතු සඳහා වාරිමාර්ග පහසුකම් සලස්වන ගම්බද වැව් රාශියක් දැනට වසර ගණනාවක සිට වල් බිහිවෙමීන් පවතී.

එම වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජයේ අදාළ අංශ පියවර නොගැනීම ගොවීන් විශාල පිරිසකගේ බලවත් කනස්සල්ලට හේතු වී තිබේ. මින් ඇතැම් වැව් රොන්මඩ පිරී ආක්‍රමණික ශාකවලින් ගොඩව ගොස් ඇති අතර, ඇතැම් වැව්වල වාන්, සොරොවු ආදිය සුළු වශයෙන් අබලන්ව පවතී. ඊට අමතරව සමහර වැව්වලට අයත් බිම් ප්‍රමාණය පවා වෙන්කොට හඳුනාගත නොහැකි තත්ත්වයට පත්ව ඇත. ඇතැම් වැව්වල තාවුලු ගොවීන් විසින් අනවසරයෙන් අස්වද්දා වගාකොට ඇත. මේ හේතුවෙන් වැව්වල ජල ධාරිතාව දිනෙන් දින අඩු වීම හේතුවෙන් ඒ යටතේ වගා කරන කුඹුරුවලට ප්‍රමාණවත් අන්දමින් ජලය සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් ද උද්ගතව තිබේ.

වාරියපොළ ,අවුලේගම සහ නාථගනේ ගොවිජන සේවා කමිටු බලප්‍රදේශයෙහි ගොවි සංවිධාන හා ගොවීන් ශ්‍රමදාන යටතේ පසුගිය කාලය තුළ වැව්වල ඇති වල් පැළ ඉවත් කර ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ දරා ඇතත් ඒ සියල්ලම තාවකාලික පිළියම් බව හඳුනාගෙන ඇත. මිරිහන්පිටිය මහවැව, වාරියපොළ, විලාකටුපොත වැව, බඹරගම්ම මහවැව, හොරොම්බුව වැව, බෝගම්මන මහවැව, ඇතවමහවැව හා තිස්සව මහවැව මෙසේ වල් බිහිවෙමීන් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT