Home » මතුගම නෑබඩ පාරේ කෝටි ගාණක හිස් ඉඩම කසළ අංගණයක් වෙලා

මතුගම නෑබඩ පාරේ කෝටි ගාණක හිස් ඉඩම කසළ අංගණයක් වෙලා

මැසි මදුරුවන් බෝ වී අවට ජනතාව පීඩාවට

by mahesh
April 25, 2025 1:00 am 0 comment

මීගහතැන්න සමූහ

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ රටම පිරිසුදු වෙමින් තිබියදී මතුගම ප්‍රාදේශීය සභාව සතු මතුගම නගරයේ හිස් ඉඩමක කැළිකසළ ගොඩ ගසමින් අවට ප්‍රදේශයම ගඳ ගස්සවන බව නගරයේ ව්‍යාපාරිකයෝ පවසති.

මතුගම, නෑබඩ පාර අසල සති පොළ සහ සුදර්ශනාරාම විහාරස්ථානය අතර පිහිටි මතුගම ප්‍රාදේශීය සභාව සතු හිස් ඉඩම මෙසේ කසළ අංගණයක් වෙමින් පවතී. විවිධ පුද්ගලයන් රාත්‍රී කාලයේ සහ දහවලටත් හොර රහසේ මෙම ස්ථානයට විවිධ වර්ගයේ අපද්‍රව්‍ය ගෙනවිත් දැමීමෙන් අවට වෙළෙඳසල්වලට මැසි මදුරු උවදුර මෙන්ම දුගඳින් දැඩි පීඩාවක් ගෙන දෙන බව ව්‍යාපාරික ප්‍රජාව වැඩිදුරටත් කියා සිටිති.

නෑබඩ මාර්ගය සහ කොස්වත්තගොඩ මාර්ගය සම්බන්ධ කෙරෙන ධර්මාරාම මාර්ගය ඉදිරිපිට සභාව සතු රුපියල් කෝටි ගණනක් වටිනා මෙම ඉඩමෙන් ප්‍රයෝජන ගැනීමට මෙතෙන් සභා පාලනය කටයුතු නොකිරීමෙන් එම ඉඩම මේ වන විට කසළ අංගණයක් බවට පත්ව තිබේ. සංවර්ධන කටයුතු රැසක් සඳහා වරින් වර යෝජනා කෙරුණු මෙම ඉඩම ⁣ රුපියල් කෝටි ගණනක ධන උල්පතක් වුවද මේ වන විට ඉන් කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන ජනතාවට හිසරදයක් බවට පත් කර තිබීම සම්බන්ධයෙන් ජනතාව ද දැඩි කලකිරීමට පත්ව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT