Friday, April 25, 2025
Home » ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා පූජෝපහාර පුදයි

ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා පූජෝපහාර පුදයි

by mahesh
April 25, 2025 1:00 am 0 comment

අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා

දර්ගානගරය, පතිරාජගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයට අනුබද්ධ ජය ශ්‍රී තරුණ බෞද්ධ සමිතිය වාර්ෂිකව 178 වැනි වරටත් සංවිධානය කළ ඓතිහාසික අලුත්ගම කන්ද විහාරයට පෙරහරෙන් පැමිණ ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා පූජෝපහාර පුද සත්කාර කිරීමේ පින්කමක් පැවැත්විණ.

එම ගම්වැසියෝ පෙර පැවත එන හෙළ චාරිත්‍රයක් ලෙස සිංහල අවුරුදු චාරිත්‍රයේ හිස තෙල් ගෑමෙන් අනතුරුව පතිරාජගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ සිට දර්ගා නගරය කාදියවත්ත, වැලිපිටිය, ගල්හේන, කලුවාමොදර ඓතිහාසික පූජා භූමිය ඔස්සේ කන්ද විහාර උඩමළුව දක්වා පැමිණ, ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා පූජෝපහාර පිදීමේ පින්කම සිදු කළ බව පතිරාජගොඩ විවේකාරාම විහාරාධිකාරි බඩල්කුඹුරේ අරියශාන්ත හිමියෝ සඳහන් කළහ.

පෙරහර, කන්දෙ විහාරයට පැමිණි පසු පෙරහරේ ගමන් ගත් සියලු දෙනා වෙත කන්දේ විහාරාධිපති කොක්කාවිට විපුලසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිසිල් පැන් ඇතුළු කෙටි ආහාර සංග්‍රහයක් ද සිදු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT