Home » ඉඩමක තාප්පයක් ඉදිකිරීමේදී ජීව අත්බෝම්බයක් හමුවෙලා

ඉඩමක තාප්පයක් ඉදිකිරීමේදී ජීව අත්බෝම්බයක් හමුවෙලා

by mahesh
April 25, 2025 1:00 am 0 comment

අක්මීමන විශේෂ - සුනිල් ගමගේ

ගාල්ල, හබරාදූව පොලිස් වසමේ පැදින්නෝරුව ප්‍රදේශයේ නිවෙසක් සහිත ඉඩමක තාප්පයක් ඉදිකිරීම සඳහා බිම සකස් කිරීමේ දී ජීව අත්බෝම්බයක් හමුවී ඇති බව හබරාදූව පොලීසිය පවසයි.

මෙම ජීව අත්බෝම්බය විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් බව පවසන පොලීසිය, පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණ තොරතුරක් මත මේ අත්බෝම්බය සොයා ගැනීමට හැකි වූ බව ද පොලීසිය පවසයි. ඉඩමේ තාප්පය ඉදිකිරීම සඳහා නිවැසියන් බිම සකස් කිරීමේ දී හමුවූ මෙම බෝම්බය ආරක්ෂාකාරී අන්දමින් බහාලුමක අසුරා තිබුණ බව ද තවදුරටත් ඔවුහු පවසති. මේ සම්බන්ධව හබරාදූව පොලීසිය කළ විමර්ශනවලින් අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අධිකරණ නියෝග මත හියාරේ විශේෂ කාර්ය බළකා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීන් විසින් පුපුරවා හරින ලදි. මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ හබරාදූව පොලීසිය පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT