Home » දුක් විඳිනා මේ සද්දන්තයාට වගකිවයුත්තන්ගෙන්ඉක්මන් පිහිටක් ඕනෑ

දුක් විඳිනා මේ සද්දන්තයාට වගකිවයුත්තන්ගෙන්ඉක්මන් පිහිටක් ඕනෑ

by mahesh
April 25, 2025 1:00 am 0 comment

මාපාකඩවැව සමූහ - එච්. එම්. රංජිත් කරුණාවීර

ගිරාඳුරුකෝට්ටේ නගරයේ වටරවුම මාර්ගයේ, වැඩිහිටි නිවාසය ආසන්නයේ, වැව ආසන්නයේ මහත් සේ දුක් විඳින වනඅලියකුට ගම්වාසීන්ගේ නොමඳ ආදරය, සැලකිල්ල හා ආහාර ලැබුවද, වගකිවයුතු වනජීවී නිලධාරීන්ගේ හා පශූ වෛද්‍යවරයකුගේ අවධානය අඩු බවට ගම්වාසීන්ගෙන් චෝදනා එල්ල වේ. පෙර සිදුවූ කැපුමක් හේතුවෙන් මෙම වනඅලියාගේ හොඬය කෙළවර කැපී හිල් වී ඇති අතර මේවනවිට එම තුවාල සුව වී ඇතත්, හොඬයට සිදුවූ හානිය හේතුවෙන් හොඬයේ අඟ කොටස නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් ආහාර ලබාගැනීමේ යම් ගැටලුවකින්ද මෙම වනඅලියා පීඩා විඳින බවට ගම්වාසීහු පවසති.

පසුගිය සමයේ වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් අවස්ථාවන් කිහිපයකදී මෙම වනඅලියා ප්‍රතිකාර ලැබුවද, මීට වඩා සැලකිල්ලක්, අවධානයක් මෙම වනඅලියා හට ලැබිය යුතු බවට ගම්වාසීහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT