පොහොර සහනාධාර ලබාගැනීම සඳහා ගොවි මහතුන් විසින් ඉදිරිපත් කර ඇති බැංකු ගිණුම් ප්‍රතික්ෂේපවීම නිසා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ 2025 මාස් කන්නයේ කුඹුරු ඉඩම් හෙක්ටයාර් 1039,924 සඳහා රුපියල් 1234,749ක්
පොහොර සහනාධාර මුදලක් ගෙවීමට නොහැකිවී ඇති බව පොලොන්නරුව ගොවිජන සේවා සහකාර කොමසාරිස් අරුණ නිරෝෂණ විරකෝන් මහතා පවසයි.
2025 වසරේ අප්‍රේල් මස 24 වැනිදාට පළමු වටයේ කුඹුරු ඉඩම් හෙක්ටයාර් 337,261ක් ඒ සඳහා ඉල්ලා සිට මුදල් 337,261ක් බව ද දෙවැනි ගෙවීම් සඳහා පොහොර සහනාධාර ඉල්ලා ඇති මුදල් ප්‍රමාණය රුපියල් 21.65000 ක් බව ද දැනටමත් ගොවි මහතුන් සඳහා පොහොර සහනාධාර මුදල් ගෙවා අති බව ද වාර්තා වෙයි.
මේ වනවිට බැංකු ගිණුම් ප්‍රතික්ෂේපවී ඇති ගොවි මහතුන් ප්‍රමාණය 173ක් බව ද දැනට කුඹුරු ඉඩම් හෙක්ටයාර් 1039,924 සඳහා මුදල් 1,234,749ක් මූල්‍ය සහනාධාර ගෙවීමට ඇති බව ද සහකාර කොමසාරිස් අරුණ නිරෝෂණ වීරකෝන් මහතා සඳහන් කළේය.
බැංකු ගිණුම් ප්‍රතික්ෂේප වු කුඹුරු ඉඩම් සඳහා නැවත ගිණුම් සකස් කරගෙන ගොවි මහතුන්ගේ පැමිණීම ප්‍රමාද නිසා පොහොර සහනාධාර ගෙවීමට නොහැකිවී ඇති බව ද වීරකෝන් මහතා පෙන්වා දෙයි.
2025 මහකන්නයේ පොහොර සහනාධාර නොලැබුණු ගොවි මහතුන් ප්‍රතික්ෂේප වූ බැංකු ගිණුම් නැවත සක්‍රිය කරගෙන අදාළ ගොවි ජනසේවා කාර්යාලවල නිලධාරීන් හමුවෙන ලෙස ද සහකාර කොමසාරිස් අරුණ නිරෝෂණ වීරකෝන් මහතා පවසයි.