Friday, April 25, 2025
Home » මහඔය ප්‍රාදේශීය සභාවේ දියුණුවට කැපවෙන්න අපි සූදානම්

මහඔය ප්‍රාදේශීය සභාවේ දියුණුවට කැපවෙන්න අපි සූදානම්

මහඔය ප්‍රාදේශීය සභා අපේක්ෂක - ඉන්ද්‍රජිත් අජිත් කුමාර (ජාජබ)

by mahesh
April 25, 2025 1:00 am 0 comment

මහඔය කේ. රත්නායක

මහඔය ප්‍රදේශයේ තිබෙන සම්පත් උපයෝගී කර ගනිමින් ප්‍රදේශයේ සියලුම ජනතාවට හොඳ ජීවිතයක් උරුම කර දීමටත්, ඔවුන්ට හිමි යටිතල පහසුකම් සම්පූර්ණ කර දීමටත් ජාතික ජනබලවේග ප්‍රාදේශීය සභාවක් තුළින් තමන් සූදානම් බව මහඔය ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේග අපේක්ෂක ලෙස ඉදිරිපත් වන ඉන්ද්‍රජිත් අජිත් කුමාර මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ග්‍රාමීය මාර්ග පද්ධතිය තැනින් තැන ඉතා අබලන් තත්ත්වයේ පවතිනවා. ප්‍රාදේශීය සභාවේ තිබෙන සියලුම යන්ත්‍රෝපකරණ මේ වන විට මාර්ග සංවර්ධන කටයුතු සඳහා භාවිතයටගත නොහැකි මට්ටමක පැවැතියත්, ඒවා අලුත්වැඩියා කර ප්‍රාදේශීය සභාවට අයත් සියලු මංමාවත් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය කටයුතු හැකි ඉක්මනින් කිරීමට අපි සූදානම්. මහඔය ප්‍රදේශයේ භූමිය සහ භූමියේ ව්‍යාප්තව තිබෙන සම්පත් වටිනාකමින් ඉතාමත් ඉහළයි. නුවරගල ඓතිහාසික කඳු මුදුන ගත්විට එයට විශාල ඓතිහාසික පසුබිමක් තිබෙනවා.

මේ වන විට ප්‍රදේශයේ ගොවියන්ට බලපාන වන අලි ගැටලුවට විසඳුම් සොයන ගමන් මේ කියන සම්පත් ප්‍රයෝජනයට අරගෙන රටට පැමිණෙන විදේශීය සංචාරකයන් මහඔය ප්‍රදේශයට ගෙන්වාගෙන එයින් ලැබෙන ආදායමෙන් ප්‍රදේශයේ ඉතා ඉහළින් සංවර්ධනය කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වෙනුවෙන් අපි සැලසුම් සකස් කර තිබෙනවා. ජාතික ජනබලවේගයේ අපේ නියෝජිතයන් ජනතාව වෙනුවෙන් මහඔය ප්‍රාදේශීය සභාව ඉතා දියුණු සහ ආකර්ෂණීය ප්‍රදේශයක් ලෙස ගොඩනැඟීමට ඒ කැපකිරීම් කිරීමට සූදානම්.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT