Home » ගමේ ජනතාවගේ ආර්ථිකයට නව ශක්තියක් ලබා දෙනවා

ගමේ ජනතාවගේ ආර්ථිකයට නව ශක්තියක් ලබා දෙනවා

මැදදුම්බර ප්‍රාදේශීය සභා අපේක්ෂක - සරත් ගාමිණී ඒකනායක (ජාජබ)

by mahesh
April 25, 2025 1:00 am 0 comment

කරල්ලියද්ද සමූහ - කේ. විජේසිරි නිශ්ශංක

මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වටපාන කොට්ඨාසයේ සියලුම ගෙවතුවල නව වගා වැඩසටහනක් ආරම්භ කරමින් ගමේ ජනතාවගේ ආර්ථිකයට නව ශක්තියක් ලබා දෙන බව මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ වටපාන කොට්ඨාසයේ ජාතික ජනබලවේග අපේක්ෂක සරත් ගාමිණී ඒකනායක මහතා පැවසීය.

හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

“මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වටපාන කොට්ඨාසයේ පැරණි වෙහෙර විහාර රැසක් තිබෙනවා. ඒවායේ වැදගත්කම රටට හඳුන්වා දීමට කටයුතු කරනවා.

වසර දොළහකට අධික කාලයක් විදුහල්පතිවරයකු ලෙස සේවය කර ලත් අත්දැකීම් උපයෝගී කරගෙන වටපාන කොට්ඨාසයේ පැරණි සංස්කෘතිය රටට හඳුන්වා දෙනවා.

කොට්ඨාසයේ ගෙවතුවලින් වැඩි ආදයම් ලබන කොකෝ, කෝපි හා ගම්මිරිස් යන වගාවන් හඳුන්වා දෙනවා. ගමේ තරුණ තරුණියන් රැකියාවලට යොමු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටත් බලාබොරොත්තු වෙනවා.

අපි සොරා කෑමට ඉඩ දෙන්නේ නැහැ. සභාවේ වත්කම් දේපොළ ආරක්ෂා කරමින් සභාවට නව ආදායම් උත්පාදන වැඩසටහන් හඳුන්වා දීමටත්, මැදදුම්බර ප්‍රාදේශීය සභාව ඉහළ ආදායමක් ලබන සභාවක් ලෙසින් පවත්වාගෙන යෑමට අවශ්‍ය උපදෙස් හා වැඩසටහන් හඳුන්වා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT