ජනතාව විශාල බලාපොරොත්තු තබාගෙන බලයට පත්කළ රජය ජනතාවගේ සිතුම් පැතුම් සුන්කර දමමින් කටයුතු
කරන බවත්, මෙවර පැවැත්වෙන පළාත් පාලන ඡන්දයේදී රෑ වැටුණු වළේ දවල් වැටෙන්නට ජනතාව සුදානම් තැති බවත් බද්දේගම ප්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක අශෝක එදිරිසිංහ මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
“බද්දේගම නගරයේ පහසුකම් තවමත් සංවර්ධනය වී නෑ. වැසි ජලයට නගරයේ ඇති මාර්ග යටවෙනවා. නිසියාකාර කාණු පද්ධතියක් නැහැ. ජලය බැස යන ස්ථාන ගොඩකර වෙළෙඳසල් හදන්න අවසර දීලා. ඒ නිසා නව පාලනයක් යටතේ අපි ඒ සියල්ල ක්‍රමවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මම මෙවර බද්දේගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වුණේ ගමට පමණක් නොවෙයි, සභා බල ප්‍රදේශයටම සේවයක් කිරීම සඳහායි. මම දැනටමත් ගමේ සමිතිවල සභාපති ලෙස කටයුතු කරනවා. මේ වන විට මම සෑම වසරකම පාසල් දුවා දරුවන් 300කට පාසල් උපකරණ ලබා දී තිබෙනවා. ගමට තවත් අඩුපාඩු රාශියක් තියෙනවා. මම ජනතාවට අවශ්‍ය දේ ඉටු කරන්නේ මගේ පෞද්ගලික වෙළෙඳාමෙන් ලැබෙන මුදලින්. මම සභාවේ සභිකයකු
ලෙස තේරී පත්වුවහොත් ලැබෙන මුදල සම්පූර්ණයෙන්ම දුගී දුප්පත් ජනතාවගේ සහ දුවා දරුවන්ගේ අවශ්‍යතා ඉටු කරදීම සඳහා කැප කරනවා.මට හොර බොරු අරහං. මේ ගමන මගේ බඩ කට පුරවගන්න යන ගමනක් නෙවෙයි. මට අවශ්‍ය වන්නේ මට හැදෙන්න නොව, ගමේ ජනතාවගේ අඩුපාඩු සපුරා දීමටයි.”