Home » ගම්මු හඳුනන ගමට වැඩැති නියෝජිතයන් තෝරා පත් කර ගන්න

ගම්මු හඳුනන ගමට වැඩැති නියෝජිතයන් තෝරා පත් කර ගන්න

මාතර මහ නගර සභා අපේක්ෂක - සුජිත් අසේල (ශ්‍රීපොජපෙ)

by mahesh
April 25, 2025 1:00 am 0 comment

නුවන් කොඩිකාර

ගමේ ජනතාව හඳුනන, ගමට වැඩක් කළ හැකි පුද්ගලයන් මෙවර පළාත් පාලන මැතිවණයේදී තෝරා පත් කර යැවීමට කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මාතර මහ නගර සභාවට තරග වදින සුජිත් අසේල මහතා පැවැසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ඇතැම් පුද්ගලයන් ගමට එන්නේ, ඡන්දයක් එද්දී. ඡන්දය අවසන් වූ පසු ඔවුන් සොයා ගැනීමටවත් නෑ. ඒ නිසා තමන්ගේ ගමට වැඩක් කර ගැනීමට නම් නියත වශයෙන්ම සුදුසුම පුද්ගලයා තෝරා පත් කර යැවීමට කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මෙරට දේශපාලනයේ ඉන්න දැවැන්ත පක්ෂයක්. ඒ වගේම අපේ පක්ෂය ඉතා කෙටි කාලයක් තුළ මෙරට ජනතාවට සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්කර දී තිබෙනවා. එම නිසා ජනතාව දන්නවා රටට වගේම ගමටත් වැඩක් කළ හැක්කේ අපේ පක්ෂයට කියලා. අනෙක් කාරණය මෙම මැතිවරණයේදී ජනතාව අවබෝධ කරගත යුතු දෙයක් තමයි ජනතාවත් එක්ක ඉන්න, ජනතා ප්‍රශ්න තේරුම් ගත්ත කෙනෙක් තමන්ගේ නියෝජිතයා විදියට තෝරා පත්කර යවන්න. එහෙම නොවුණොත් වෙන්නේ ආයේ මැතිවරණයක් එනකල් බලාගෙන ඉන්නයි. මාතර නගර සභා බල ප්‍රදේශය තුළ සියලු ජාති, ආගම් නියෝජනය කරන ජනතාව ඉන්නවා. අප පක්ෂයක් ලෙස ඔවුන්ගේ ප්‍රශ්න හඳුනාගෙන තමයි වැඩ කරන්නේ. ඒ සදහා අවශ්‍ය සැලසුම් රැසක් සකස් කරන්න කටයුතු කරනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT