Home » අපි සුදුස්සන් සුදුසු රැකියාවලට යොමු කරනවා

අපි සුදුස්සන් සුදුසු රැකියාවලට යොමු කරනවා

මහනුවර මහ නගර සභා අපේක්ෂක මුනියන්ඩි සන්තෝෂ් (ජාජබ)

by mahesh
April 25, 2025 1:00 am 0 comment

කටුගස්තොට සමූහ - එස්.ජී. විජේරත්න

පවුල් 1,000ක් පමණ පදිංචි වෙලා ඉන්න මහයියාවේ බොහෝ දෙනකුට තමන්ටම කියා ඔප්පුවක් නොමැති බවත්, පවුල් 50කට තියෙන්නේ වැසිකිළි 4ක් බවත් ඒවා බොහොමයක් අබලන්ව පවතින බවත්, තමන් ඇතුළු ජාතික ජන බලවේගයේ කණ්ඩායම මෙවර මහනුවර මහ නගර සභාවට තේරී පත්වූ පසු මහයියාවට විශාල වැඩ කොටසක් ඉටු කිරීමට සූදානමින් සිටින බවත් මහනුවර මහ නගර සභාවට පූර්ණවත්ත (බටහිර)කොට්ඨාසයෙන් තරග වදින මුනියන්ඩි සන්තෝෂ් මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

“අපේ ගමෙත් ඉගෙනගත්තු තරුණයෝ ඉන්නවා. ඒ අයට නගර සභාවේ ඉහළ රැකියා ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේම කම්කරු රැකියා. ඒ රස්සාව එපා කියල ඒ අයට ගෙදර ඉන්න බැහැ. මොකද පවුල නඩත්තු කරන්න ඕනෑ. එම නිසා අකමැත්තෙන් වුවත් ස්ථිර රස්සාවක් නිසා කම්කරු රැකියාවට යනවා. මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. අපි බලයට පත්වුණාම දක්ෂයන්ට අවස්ථාව ලබා දෙනවා. මහනුවර මහ නගර සභාව ජාතික ජනබලවේගය ඉහළින්ම ජයග්‍රහණය කරනවා.

ඒක නියතයි. ඊට පස්සේ අපට පුළුලුවන් රට දියුණු කරනවා වගේ ගම දියුණු කරන්න. අපේ පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයෝ වංචාකාරයෝ, බොරුකාරයෝ වගේම හොරු නෙමෙයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT