Home » මෙවර මැතිවරණයේ තීරණාත්මක සාධකය මුස්ලිම් කොංග්‍රසයයි

මෙවර මැතිවරණයේ තීරණාත්මක සාධකය මුස්ලිම් කොංග්‍රසයයි

බියගම ප්‍රාදේශීය සභා අපේක්ෂක ෆායිස් අහමඩ් (ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය)

by mahesh
April 25, 2025 1:00 am 0 comment

මල්වාන සමූහ - මහානාම විතානගේ

මෙවර ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට වඩා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට දැන් රටේ පිළිගැනීමක් ඇති බවත්, එය පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය සඳහා ගමින් ගමට යෑමේදී දක්නට ලැබෙන බවත්, මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පළාත් පාලන ආයතන බහුතරයක බලය පිහිටුවීමේදී තීරණාත්මක සාධකය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වනු ඇති බවත් බියගම ප්‍රාදේශීය සභා මල්වාන කොට්ඨාස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අපේක්ෂක ෆායිස් අහමඩ් මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය

“මෙවර ජනාධිපතිවරණයේදී මෙන්ම මහා මැතිවරණයේදී මුස්ලිම් ජනතාව රැවටුණා. එදා මුස්ලිම් ජනතාව ජාතික ජනබලවේගය ගැන විශ්වාසය තබා එම පක්ෂයට සහාය ලබා දුන්නා. නමුත් බලය ලබා ගත් ජාතික ජනබලවේගයේ රජයෙන් මුස්ලිම් ජනතාවට කිසිම සෙතක් ලැබුණේ නැහැ. ඒ නිසා රෑ වැටුණ වළේ දවල් වැටෙන්නට මුස්ලිම් ජනතාව සූදානම් නැහැ. මේ වන විට මුස්ලිම් ජනතාව නැවතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වටා ඒකරාශී වන්නට පටන්ගෙන තිබෙනවා. මා මෙතෙක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර නැහැ. නමුත් මල්වාන ප්‍රදේශයට මෙතෙක් පත් වූ කිසිම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඉටු නොකළ විශාල සේවාවක් මා ඉටු කර තිබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT