Friday, April 25, 2025
Home » වතු ජනතාවගේ ගැටලුවලට විසඳුම් ඇත්තේ සර්වජන බලයටයි

වතු ජනතාවගේ ගැටලුවලට විසඳුම් ඇත්තේ සර්වජන බලයටයි

මොනරාගල ප්‍රාදේශීය සභා අපේක්ෂක රාමයියා රවීන්ද්‍රන් (සර්ව ජනබලය)

by mahesh
April 25, 2025 1:00 am 0 comment

ඌව වෙල්ලස්ස විශේෂ - ඩී.එස්. ගුණතිලක

“මොනරාගල දිස්ත්‍රික්කයේ දෙමළ භාෂාව භාවිත කරන වැඩිම ජනතාවක් ජීවත් වන්නේ මොනරාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළයි. රජයට අයත් විශාල වතු යායක් තිබෙනවා. සර්ව ජනබලයේ මතය වන්නේ වතු ජනතාවගේ දරුවනුත් වතු කම්කරුවන් වීම දැකීම නෙවෙයි. ඔවුන් ව්‍යවසායකයන් ලෙස ලෝකය ජයගැනීම දැකීම සර්ව ජනබලයේ එකම අරමුණයි. වතු ජනතාවගේ සැබෑ ගැටලුවලට විසඳුම් ඇත්තේ සර්ව ජනබලයටයි.” යැයි මොනරාගල ප්‍රාදේශීය සභා අපේක්ෂක රාමයියා රවීන්ද්‍රන් මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

“ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මොනරාගල කුමාරවත්ත වතුයායේ කම්කරු ජනතාව වසර සියයක පමණ කාලයක සිට කම්කරුවන් ලෙස සේවය කරනවා. අදටත් ඔවුන් ජීවත්වෙන්නේ පේළි නිවාසවලයි. එක් කාමරයක පවුල් දෙක තුනක් ජීවත් වෙනවා. සෑම පවුලකටම නිවෙසක් හිමිකර දීම අපේ පක්ෂයේ අරමුණයි. පියා මව වත්තේ කම්කරු වූ පලියට දූ දරුවන් කම්කරුවන් විය යුතු නැහැ.

වතුයායවල දරුවන් මෙහෙකාරයන් ලෙස කොළඹ බංගලාවලට යෑම නතර කළ යුතුයි. මොනරාගල වතු ජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා මොනරාගල ප්‍රාදේශීය සභාවට සර්ව ජනබලයේ නියෝජිතයකු පත්කරන ලෙස ඉල්ලා සිටිනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT