Friday, April 25, 2025
Home » රැල්ලට නොදන්නා අයට දී පසුවට දුක් වෙන්න එපා

රැල්ලට නොදන්නා අයට දී පසුවට දුක් වෙන්න එපා

මාතර මහ නගර සභා අපේක්ෂක - මලිදු ගජදීර (ජනසෙත පෙරමුණ)

by mahesh
April 25, 2025 1:00 am 0 comment

නුවන් කොඩිකාර

ජනතාවාදී ආදර්ශමත් නායකයන් ගොඩනගපු පක්ෂයකින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට ලැබීම සතුටක් බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මාතර මහ නගර සභාවේ නගරාධිපති ධුර අපේක්ෂක මලිදු ගජදීර මහතා පැවැසීය.

හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවැසීය.

“අපට මැතිවරණයට ඉදිරිපත් වෙන්න සලකුණු අවශ්‍ය වුණත් ජනතා සේවයට ඒ ඒ පුද්ගලයන් වෙන් කර අපේ සේවය ලබා දෙන්න කිසි දිනක පක්ෂය හෝ ලකුණු මත පදනම්ව ක්‍රියාකර නැහැ. නගරයේම ඉපදුන අය විදියට නගරයේ හෙට දවස වෙනුවෙන් අපට ඉටු කරන්න විශාල කාර්ය භාර්යයක් තිබෙනවා. භෞතික සංවර්ධනය වගේම නාගරීකරණයෙන්, තරගකාරීත්වයෙන් හෙම්බත්වෙලා ඉන්න මිනිසුන්ගේ මානසික සංවර්ධනය වෙනුවෙන්, සතුට වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි. මම තරුණයෙක් ලෙස දීර්ඝ කාලයක් නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා.

එම කාලය තුළ ගමේ ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය රැකගන්න හැකි වුණා. මම අදත් විශ්වාස කරන දෙයක් තමයි ගමට වැඩක් කරන්න නම් ගම දන්න, ගමේ ජනතාව දන්න පුද්ගලයකු මහජන නියෝජිතයකු ලෙස යා යුතුයි. එසේ නොමැතිව නොදන්න කෙනෙක් රැල්ලට යැව්වොත් අවසානයේ දුක් විදින්න වෙන්නේ ගමේ ජනතාවටයි. එම නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මාතර මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ලබා දෙන්න කටයුතු කරන්න කියලා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT