Home » ප්‍රවීණ ජ්‍යොතිෂවේදී උපාලි පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී උපාලි පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

by chanaka
April 25, 2025 2:17 pm 0 comment

ජ්‍යොතිෂ විශාරද, ජ්‍යොතිෂ නන්දන, ජ්‍යොතිර්විද්‍යා රත්න, කලාභූෂණ හෙට්ටි ආරච්චිගේ උපාලි පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට ඒ මහකා 78වැනි වියෙහි පසු විය.

ඔහු කලක් සුබසෙත පුවත් පතේ ලේඛකයකු මෙන්ම උපදේශක මණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක ලෙස ද කටයුතු කළේය. නැකත ජ්‍යොතිෂය පුවත්පතේ කතුවරයා ලෙස ද කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අයත් හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ සහ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ ජ්‍යොතිෂය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කළ පීරීස් මහතා පසුගිය සමයේ ශ්‍රී දළදා මාලිගාවේ සියලු ජ්‍යොතිෂ කටයුතු සම්පාදනයේ ද නිරතව සිටියේය.

ස්වර්ණා අතුකෝරල මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූ පීරිස් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි සහ හොරණ අශෝක විද්‍යාලයයේ ආචාරිනී චේතා පීරිස් යන අයගේ ආදරණීය පියාණන් වන අතර සංගීත අධ්‍යක්ෂ තරිඳු ජයතිලකගේ දයාබර මාමණ්ඩිය වේ.

උපාලි පීරිස් මහතාගේ දේහය 196/4ඒ, ගාලුපාර, පානදුර දරන ඔහුගේ නිවෙසේ අවසන් ගෞරව සඳහා තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 26 වැනි දා සෙනසුරාදා පානදුර මිනුවන්පිටිය සුසානභූමි ආදාහනාගාරයේදී සිදු කෙරේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT