Home » අමෙරිකාවේ ‘බෝයිස් ඇවනිව්‘ සංගීත කණ්ඩායම ශ්‍රී ලංකාවට

අමෙරිකාවේ ‘බෝයිස් ඇවනිව්‘ සංගීත කණ්ඩායම ශ්‍රී ලංකාවට

by chanaka
April 25, 2025 9:27 am 0 comment

කටුනායක ටී.කේ.ජී.කපිල

ලෝකයේ තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් අමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue ) සංගීත කණ්ඩායම දිවයිනට පැමිණේ.

ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා ඔවුන් මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.-047 දරන ගුවන් යානයෙන් ඊයේ (24) රාත්‍රී 10.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධාන කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වෙන අතර , බෝයිස් ඇවනිව් අමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03ක් එයට සහභාගී වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT