Friday, April 25, 2025
Home » හිටපු ජනපති රනිල් අද අල්ලස් කොමිසමට

හිටපු ජනපති රනිල් අද අල්ලස් කොමිසමට

by mahesh
April 25, 2025 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහි පැමිණිල්ලකට අදාළව සිදුකරන විමර්ශනයන් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (25) පෙ.ව. 9.30ට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

මීට පෙර ඉකුත් අප්‍රේල් 17 දා උදෑසන හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවා තිබූ නමුත් එදින සහභාගී විය නොහැකි බව දැනුම් දී තිබිණි. ඒ අනුව පසුගිය 21දා අල්ලස් කොමිසම විසින් අද (25) දිනය ඒ මහතාට ලබා දී තිබිණි.

පසුගිය 17 දා පැමිණීමට නොහැකි වීමට අදාළ පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරන ලෙසද කොමිසම විසින් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියෙක් ‘දිනමිණ‘ට ඊයේ (24) පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT