ජේසුස් වහන්සේගේ ධර්මය අවිච්ඡින්නව ගෙනයාමේ උත්තරීතර පදවියක් හෙබැවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බලවත් සංවේගය පළ කරන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.
යුද්ධ, දුප්පත්කම, පන්ති භේදය, මනෝ සමාජයීය ගැටලු, සූරාකෑමට ලක්වන පාරිභෝගික සමාජය, අධික ධනය ගොඩ ගසා ගැනීම, පාරිසරික ගැටලු ආදී මානවයා පීඩනයට පත්වන ධනවාදී සමාජයේ පවතින ගැටලු පිළිබඳ නිරන්තර අවධානය තබා ගනිමින් ඒ පිළිබඳ ජාත්‍යන්තර සමාජ කතිකාවතක් ගොඩනැංවීම සඳහා උත්සාහවත් වීම උන්වහන්සේගෙන් සිදුවූ ඉතා සුවිශේෂී මෙහෙවරකි.
පල්ලිය තුළ සාම්ප්‍රදායික භූමිකාවේ නව්‍යකරණයක් අපේක්ෂා කළ නවයුගයක වටිනාකම් දරන තාර්කික හා විචාරාත්මක චින්තනයෙන් කටයුතු කිරීම අගය කළ සාරධර්ම ප්‍රචාරය කිරීම සඳහා තම ජීවිතයම කැප කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නික්මයාම අප සැමට බලවත් පාඩුවකි.
මන්ද එවැනි පරමාදර්ශී පුද්ගලයන් පහසුවෙන් බිහි නොවන හෙයිනි.
ලෝක බල අරගලය හමුවේ ලෝකය වඩාත් සුරක්ෂිත තැනක් කරන්නට ආධ්‍යාත්මිකව මිනිසුන් ශක්තිමත් කරන මෙබඳු ආගමික නායකත්වය අවශ්‍යම මොහොතක සිදුවන මෙවැනි අහිමිවීම් බරපතළ ඛේදවාචකයක් සනිටුහන් කරයි.
ස්වර්ගස්ථ වූ උන්වහන්සේ පිළිබඳ කනගාටුව හා බලවත් සංවේගය නැවත ප්‍රකාශ කරමි.