Home » පොලිස් නිළධාරියෙකු විසින් හමුදා නිළධාරියෙකුට බැණ වැදීමේ සිද්ධිය ගැන විමර්ශනයක්

පොලිස් නිළධාරියෙකු විසින් හමුදා නිළධාරියෙකුට බැණ වැදීමේ සිද්ධිය ගැන විමර්ශනයක්

by yasara
April 25, 2025 11:23 am 0 comment

සමාජ මාධ්‍යයේ සංසරණය වන පොලිස් නිළධාරියෙකු විසින් හමුදා නිළධාරියෙකුට බැණ වදින විඩියෝව පිළිබඳ පොලිසිය මඟින් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම නිවේදනයට අනුව අදාළ විඩියෝ පටයේ සිදුවීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිතුමාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝග කර තිබෙයි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරී විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර විමර්ශනයේ දී අනාවරණය වන කරුණු අනුව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇති බව සඳහන් වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT