සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරි එකමුතුව විසින් මරදාන සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය ඊයේ (24) පෙරවරු 11.00 සිට අද (25) පෙරවරු 11.00 දක්වා අත්හිටුවන ලෙසට අතුරු තහනම් නියෝගයක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (24) නිකුත් කළාය.
සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරි එකමුතුවේ සම කැඳවුම්කරු එම්. නුස්රි හා එහි ලේකම් එන්.ඩී. හේවපතිරණ සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් යන අය සඳහා මෙලෙස අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදි.
මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ දින (24) අධිකරණය හමුවේ කරන ලද කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළාය. පළාත් පාලන මැතිවරණ සමය තුළ මෙවැනි ආකාරයේ උදේඝෝෂණ පැවැත්වීමට නොහැකි බවත් එමෙන්ම මරදාන ප්‍රදේශය පාසල් හා රෝහල් බහුල ප්‍රදේශයක් වීම හේතුවෙන් මෙවැනි උදඝෝෂණ නිසා මාර්ග අවහිරතා ද ඇති විය හැකි බවට මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය ඊයේ (24) පෙරවරු 11.00 සිට අද (25) දින පෙරවරු 11.00 දක්වා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඉකුත් මස 27 වැනිදා මේ ආකාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණයේ නිරත වීම හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් හා සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරි එකමුතුවේ ලේකම් එන්.ඩී. හේවපතිරණ යන අය පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබුණි.