Friday, April 25, 2025
Home » සාම ප්‍රයත්නයට සෙලෙන්ස්කි බාධා කරන බවට ට්‍රම්ප්ගෙන් චෝදනා

සාම ප්‍රයත්නයට සෙලෙන්ස්කි බාධා කරන බවට ට්‍රම්ප්ගෙන් චෝදනා

by mahesh
April 25, 2025 1:00 am 0 comment

ප්‍රකෝපකාරී ප්‍රකාශ සිදු කිරීමෙන් යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සාම සාකච්ඡාවලට බාධා එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ක්‍රිමියා අර්ධද්වීපයේ පාලනය රුසියාව යටතේ පැවැතීම යුක්රේනය පිළිනොගන්නා බැවින් ගැටුම් දුරදිග යෑම වැළැක්විය නොහැකි බවය. යුද ගැටුම් නිමා කිරීම සම්බන්ධව දෙපාර්ශ්වය එකඟතාවකට නොපැමිණෙන්නේ නම් අමෙරිකාව සාම සාකච්ඡාවලින් ඉවත් වන බවට පසුගියදා අමෙරිකානු උපජනාධිපති ජේඩී වැන්ස් ද ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

වසර 2014 දී රුසියාව විසින් නීතිවිරෝධීව අත්කර ගනු ලැබූ ක්‍රිමියාව රුසියාවේ කලාපයක් ලෙස පිළිගැනීමට අමෙරිකාව යෝජනා කර ඇති බවත්, එය ව්‍යවස්ථාවට පටහැණි බවට සෙලෙන්ස්කි ප්‍රකාශයක් නිකුත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT