Home » ඉස්තාන්බුල් භූ කම්පනයෙන් 150කට තුවාල

ඉස්තාන්බුල් භූ කම්පනයෙන් 150කට තුවාල

by mahesh
April 25, 2025 1:00 am 0 comment

තුර්කියේ විශාලතම නගරය වන ඉස්තාන්බුල් නුවර පෙරේදා හටගත් රිච්ටර් මාපකයේ 6.2ක දැවැන්ත භූ කම්පනයෙන් පුද්ගලයන් 151 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැඩිදෙනකු තුවාල ලබා ඇත්තේ දෙදරීමට ලක්වූ ගොඩනැඟිලිවලින් පහළට පැනීම හේතුවෙන් බව ද වාර්තා වේ. භූ කම්පනයෙන් පසු අතුරු කම්පන 50කට වැඩි ප්‍රමාණයක් සිදුවී ඇති අතර, ඉන් ජීවිත හානි හෝ දේපළ හානි සිදුවී නැති බව ද වාර්තා වේ.

ඉස්තාන්බුල් භූ කම්පනයෙන් ඊට කිලෝමීටර් 275ක් දුරින් පිහිටි අන්කාරා අගනුවර ද සෙලවීමට ලක්වී ඇති අතර, භීතියට පත් ජනතාව වීදි බැස හිස් ලූ ලූ අත දිව ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එම භූ කම්පනය මෑත කාලයේ ඉස්තාන්බුල් නුවරට බලපෑ විශාලතම භූ කම්පනය වන අතර, ඕනෑම මොහොතක දරුණු භූ කම්පනයක් ඉස්තාන්බුල් නුවර සිදුවිය හැකි බවට දිගු කාලයක් පුරා විද්‍යාඥයන් අනාවැකි පළ කර තිබූ බව ද වාර්තා වේ. වසර 2023 දී සිදුවූ රිච්ටර් මාපකයේ 7.8ක අගයකින් යුතු භූ කම්පනයෙන් 53,000ක් ජීවිතක්ෂයට පත්වී තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT