Home » සුවසෙවණ රෝහල සහ ජාතික රක්‍ෂණ භාර අරමුදල එක්වේ

සුවසෙවණ රෝහල සහ ජාතික රක්‍ෂණ භාර අරමුදල එක්වේ

by mahesh
April 25, 2025 1:00 am 0 comment

සුවසෙවණ රෝහල සහ ජාතික රක්‍ෂණ භාර අරමුදල අග්‍රහාර සෞඛ්‍ය රක්‍ෂණ සේවාව ඔස්සේ ශ්‍රී ලාංකික රාජ්‍ය සේවකයන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදි. රාජ්‍ය සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට දැරිය හැකි මිලකට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට ඇති අවස්ථාව පුළුල් කිරීම මෙම නව සහයෝගීතාවයේ අරමුණ විය. මෙම හවුල්කාරිත්වය හරහා අග්‍රහාර රක්‍ෂණලාභී රෝගීන් ඇතුළත් වීමේ ගාස්තුවෙන් නිදහස් කරනු ලබන අතර බාහිර රෝගී අංශයේ උපදේශන සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙනු ඇත. ඊට අමතරව CT, MRI, Mammogram, X-Ray සහ USS යන රසායනාගාර සේවා සහ විකිරණවේදී සේවාවන්ටත් ECHO සහ ECG පරීක්‍ෂණයන්ටත් 10%ක වට්ටමක් ලබා දෙනු ඇත. එසේම කිලෝමීටර් 10ක දුරක් දක්වා ගිලන් රථ සේවාව නොමිලේ සපයනු ලබන අතර නේවාසික රෝගීන්ගේ කාමර ගාස්තුවට 20%ක වට්ටමක් ද හෘද සැත්කම් සඳහා රු. 50,000/=ක වට්ටමක් ද ලබාදෙයි.

1997දී ආරම්භ කරන ලද අග්‍රහාර සෞඛ්‍ය රක්‍ෂණ වැඩසටහන 2006 පටන් ජාතික රක්‍ෂණ භාර අරමුදල යටතේ කළමනාකරණය වන අතර එමඟින් මෙරට රාජ්‍ය සේවකයන් මිලියන 1.5කට අධික පිරිසකටත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් සේවය සපයයි. මෙම නව සහයෝගීතාවය හරහා මහනුවර ප්‍රදේශයේ විශ්වාසවන්තම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන සුවසෙවණ රෝහලෙන් විශේෂ සත්කාර ලබා ගැනීමට අග්‍රහාර රක්‍ෂණ හිමියන්ට අවස්ථාව සැලසෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT