HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පසුගියදා යූනියන් බැංකුව සමඟ උපායමාර්ගික බැංකු රක්ෂණ සහයෝගීතාවකට එළඹීමට කටයුතු කළ අතර ඒ අනුව යූනියන් බැංකුවේ දිවයින පුරා විසිරුණු ගනුදෙනුකරුවන් හට HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ මෝටර් සහ මෝටර් නොවන රක්ෂණ සේවාවන් ඇතුළු පුළුල් සාමාන්‍ය රක්ෂණ සේවා පෙළ සඳහා පහසු ප්‍රවේශය හිමිවනු ඇත. යූනියන් බැංකුවේ පුළුල් ශාඛා ජාලයට අයත් ඕනෑම ශාඛාවකට පිවිසෙන ගනුදෙනුකරුවන් හට සිය සාමාන්‍ය බැංකු කටයුතු සිදුකරන අතරම නවීන සාමාන්‍ය රක්ෂණ විසඳුම් සඳහාද ප්‍රවේශය හිමි වීම ඔවුන් හට සුවිසල් පහසුවක් වනු ඇත.
මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පසුගියදා කොළඹ යූනියන් බැංකු ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණු අතර HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා සහ යූනියන් බැංකුව වෙනුවෙන් එහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී දිල්ශාන් රොද්‍රිගෝ මහතා විසින් අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම සිදු කෙරිණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා මෙසේ පැවසීය. “යූනියන් බැංකුව සමඟ සහයෝගීතාවයෙන් ඔවුන්ගේ දිවයින පුරා විසිරුණු ගනුදෙනුකරුවන් වෙත අපේ සාමාන්‍ය රක්ෂණ සේවා විසඳුම් පෙළ ගෙන යාමට හැකි වීම අපට විශාල සතුටක්. නව බැංකු රක්ෂණ විසඳුම් මඟින් ගනුදෙනුකරුවන්ට වඩා වැඩි පහසුව හා වැඩි වටිනාකමක් ළඟා කර දීමටත්, මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් මෙම සහයෝගීතාව හරහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් හි අපට හැකි වී තිබෙනවා.”
යූනියන් බැංකුවේ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී දිල්ශාන් රොද්‍රිගෝ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමඟ ඇති කරගත් නව බැංකු රක්ෂණ සහයෝගීතාව අපේ ගනුදෙනුකරුවන් හට සියලු මූලික මූල්‍ය අවශ්‍යතාවන් සපුරා ගත හැකි වන ආකාරයට සේවාවන් පුළුල් කිරීම සඳහා වන අපේ උත්සාහයේ අනගි ප්‍රතිඵලයක්.”