Home » බේබි ෂෙරමි People’s Choice Awards 2025 සම්මානයෙන් පිදුම් ලබයි

බේබි ෂෙරමි People’s Choice Awards 2025 සම්මානයෙන් පිදුම් ලබයි

by mahesh
April 25, 2025 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි විසින් 2025 වසරේ ජනතාවගේ හොඳම ළදරු සත්කාරක සන්නාමය ලෙස SLIM Kantar People සම්මාන උලෙළේ දී ගෞරව සම්මානයට පාත්‍ර වියි. වසර 60කට වැඩි කාලයක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ළදරුවන් ආදරයෙන්, විශ්වාසයෙන් මෙන්ම පරිස්සමෙන් රැක බලා ගැනීමට අවශ්‍ය සුරක්ෂිත නිෂ්පාදන, නිෂ්පාදනය කළ බේබි ෂෙරමි, සිය ගමන්මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් මෙම ජයග්‍රහණය තුළින් සනිටුහන් කරයි. Kantar විසින් ශ්‍රී ලාංකේය ගෘහයන් පදනම් කර ගනිමින් පැවැත් වූ ස්වාධීන සමීක්ෂණ මාලාවක් ඔස්සේ සියලුම ජයග්‍රාහකයන් තෝරා ගැනීම සිදු කර තිබේ. “හොඳම ළදරු සත්කාර සන්නාමය” සම්මාන කාණ්ඩය SLIM ආයතනය විසින් 2025 වසරේ සම්මාන උලෙළ ප්‍රථමවරට ඇතුළත් කරන ලද්දක් වන අතර, මෙම සම්මානය ප්‍රථමයෙන්ම ලබා ගත් ළදරු සත්කාරක සන්නාමය බේබි ෂෙරමි වීම සන්නාමය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.

මෙම වසරේ සම්මානය “Heart Share” යන තේමාව පෙරදැරි කර ගත් අතර පරම්පරා ගණනාවක් ශ්‍රී ලංකාවේ පවුල්වලට ආදරයේ සත්කාරය රැගෙන පැමිණි බේබි ෂෙරමි සන්නාමය සමඟ එය මනාව සහසම්බන්ධ වෙයි. Hemas Consumer Brands හි කළමනාකරණ අධ්‍යක්ෂිකා සබ්‍රිනා එසුෆලි මහත්මිය, “SLIM Kantar People’s Choice Awards 2025 හි දී බේබි ෂෙරමි සන්නාමය, ජනතා ගෞරවාදරයට පාත්‍ර වීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වෙනවා. බේබි ෂෙරමි සහ ශ්‍රී ලංකාවේ පවුල් සමඟ ඇති සමීප බැඳීමත්, සන්නාමය ශ්‍රී ලංකාව තුළ ගැඹුරින් මුල් බැස ගත් සත්කාරයේ උරුමයත් මෙම සම්මානයෙන් සමරනු ලබනවා. මෙම ගෞරවනීය සම්මානයෙන් අප පිදුම් ලැබීම මඟින් ආදරයේ සහ රැකවරණයේ සුසිනිඳු ස්පර්ෂයෙන් ශ්‍රී ලාංකේය ළදරුවන්ව සුරක්ෂිත කර ඔවුන්ට හොඳම දේ ලබා දීම වෙනුවෙන් නවෝත්පාදනයන් සිදු කිරීමට අපව දිරි ගන්වනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT