Home » AIA AquaFest 2025 ජල ක්‍රීඩා සැණකෙළිය සාර්ථකව නිමවෙයි

AIA AquaFest 2025 ජල ක්‍රීඩා සැණකෙළිය සාර්ථකව නිමවෙයි

by mahesh
April 25, 2025 1:00 am 0 comment

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, Lankify ආයතනයේ සහයෝගීතාවයෙන් පවත්වන ලද ශ්‍රී ලංකාවේ විශාලතම ජල ක්‍රීඩා සැණකෙළිය වන AIA AquaFest 2025, නොබෝදා කොළඹ ගාලු මුවදොරදී පවත්වන ලදි. මෙම ජල ක්‍රීඩා සඳහා රුවල් ඔරු පැදීම, ජෙට්‌ ස්කී පැදීම, කයැක් ඔරු පැදීම, මකර බෝට්ටු පැදීම යන ඉතා විනෝදාත්මක ක්‍රීඩා තරග රාශියක් ඇතුළත් කර තිබුණි. මෙම ජල ක්‍රීඩා නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් ගාලු මුවදොර වෙරළ තීරයට පැමිණ සිටියහ. මෙම උලෙළ පැවැත්වීම සඳහා අරමුණු වූ ප්‍රධානතම සාධකයක් වූයේ ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය මෙන්ම පුළුල් වූ ආර්ථිකමය සංවර්ධනය සඳහා දායක වීම වූ අතර, ඒ ඔස්සේ දිගු කාලීනව ශ්‍රී ලංකාව ත්‍රාසජනක ක්‍රීඩා පිළිබඳ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් වශයෙන් ස්ථානගත කිරීමත් අරමුණු විය.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී සසිත් බඹරදෙණිය මහතා සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ, “සමෘද්ධිමත් ජාතියක් ගොඩනැඟෙන්නේ සෞඛ්‍යසම්පන්නව දිවි ගෙවන්නා වූ ජනතාවක් පදනම් කරගෙනයි. AIA AquaFest 2025 ඔස්සේ පිළිබිඹු වන්නේ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ජාතියේ සමාජ ආර්ථික ප්‍රගමනය සඳහා දායක වීමට ඇති කැපවීමයි. ශ්‍රී ලාංකේය ආර්ථිකය නඟාසිටුවීම සඳහා සංචාරක කර්මාන්තය දක්වන දායකත්වය හොඳින් අවබෝධ කරගත් AIA හි අපි මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වන්නේ මහත් අභිමානයෙන් යුතුවයි.”

AIA AquaFest 2025 වැඩසටහන AIA සමූහය මඟින් සිය ව්‍යාපාර සිදු කරන්නා වූ සියලුම රටවල ක්‍රියාත්මක නවතම සන්නාම ව්‍යාපෘතිය වන ‘Rethink Healthy’ සමඟින්ද මනාව සුසංයෝගී වේ. මෙම ව්‍යාපෘතිය ඔස්සේ ආසියාව තුළ ජීවත් වන පුද්ගලියින්, සෞඛ්‍ය පිළිබඳව දක්වන සාම්ප්‍රදායික අදහස්වලින් ඔබ්බට යමින් සුවපත් බවට නව අරුතක් ගෙන දෙමින් ජනතාවට වැඩි වැඩියෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිත ළඟා කර ගැනීම උනන්දු කරවයි. එමෙන්ම මෙම ‘Rethink Healthy’ ව්‍යාපෘතිය, 2030 වසර වන විට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ළඟා කරගැනීම සඳහා බිලියනයක් ජනතාව සහභාගි කර ගැනීම සඳහා ක්‍රියාත්මක AIA One Billion ව්‍යාපෘතියේ ද කොටසකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT