ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන බවර් සමූහය විසින් තම අනුබද්ධිත සමාගම් තුනක, එනම් බවර් එයාර් සර්විසස්, ස්විස් හොටෙල් මැනේජ්මන්ට් ඇකඩමි සහ බවර් ට්‍රැවල්ස් යන සමාගම්වල අධ්යක්ෂ ධුරයට ඩැනියෙලා ජේ. මුණසිංහ පත්කරන ලද බව පසුගියදා නිවේදනය කළේය.
සංචාරක කර්මාන්තයේ සහ සංචාරක අධ්‍යාපන ක්ෂේත්රයේ වසර 25කට වැඩි අත්දැකීම් ඇති ඩැනියෙලා ජේ. මුණසිංහ මහත්මිය බවර් සමූහයේ සංචාරක කර්මාන්ත අංශයට නව දැනුම, නායකත්වය සහ දැක්මක් රැගෙන එනු ඇත.
ඇය මීට පෙර, හිල්ටන්, ෆෙයාමොන්ට් සහ මැරියට් වැනි ජාත්‍යන්තර ප්‍රකට හෝටල් රැසක සේවය කර තිබේ. Kuoni DMC සමාගමේ සේවය කළ කාලය අතරතුරදී ගමනාන්ත කළමනාකරණ සහ සංචරණ ක්ෂේත්රය තුළ මහා පරිමාණ ජාත්‍යන්තර සංචාරක ලොජිස්ටික් කළමනාකරණය පිළිබඳ ලබාගත් පුළුල් අවබෝධයක් ද ඇය සතුය. උතුරු අමෙරිකාව, යුරෝපය සහ ආසියාව වැනි විවිධ කලාප රැසක සේවය කර ඇති ඇය වසර 17ක් පුරා ශ්‍රී ලංකාවේ වාසය කරන අතර, තම ජාත්‍යන්තර අත්දැකීම් හරහා විවිධ ජාත්‍යන්තර වෙළෙඳපොළ හා බැඳුණු සංස්කෘතික සුවිශේෂතා පිළිබඳ මනා වැටහීමක් ද ඩැනියෙලා මුණසිංහ සතුය. ගෝලීය ව්‍යාපාරික උපායමාර්ග සැකසීමේදී එවැනි පුළුල් අවබෝධයක් පැවතීම අතිශය වැදගත්ය.