Grindlays Regency පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙළේදී සේවා අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. Grindlays Regency සමාගමේ සභාපති දර්ශන ලියනසේකර මහතා වෙත සම්මානය පිරිනමන ලදි. කුඩා ඔයට යාබදව අලව්ව ප්‍රදේශයේ පිහිටා ඇති Grindlays Regency විශිෂ්ට සහ ගුණාත්මක සේවාවක් සපයන මෙරට ප්රමුඛපෙළේ සංචාරක හෝටලයකි. සුඛෝපභෝගී පහසුකම්වලින් සහ පළපුරුදු කාර්ය මණ්ඩලයකින් සමන්විත Grindlays Regency හෝටලය අමුත්තන්ගේ අවශ්‍යතා මැනවින් හඳුනාගෙන ඔවුන්ට ආකර්ෂණීය අත්දැකීමක් සපයයි.
Grindlays Regency හෝටලයේ ඇති Standard, Deluxe සහ Suite යන වර්ග තුනට අයත් සුඛෝපභෝගී කාමර අමුත්තන්ට සුවපහසු අත්දැකීමක් ලැබෙන අයුරින් සැලසුම් කර ඇත. Sapphire සහ Crystal බෝල්රූම්ස්, සම්මන්ත්රණ ශාලා, රූෆ්ටොප්, ආපණ ශාලා, අලංකාර උද්‍යානය, පිහිනුම් තටාකය සහ මත්පැන්හල හෝටලය සතු අනෙකුත් පහසුකම් අතර වේ. දේශීය සහ විදේශීය අමුත්තන්ට සේවා සපයන Grindlays Regency හෝටලය අමුත්තන්ගේ පහසුව පිණිස ගුවන්තොටුපොළේ සිට හෝටලය දක්වාත්, හෝටලයේ සිට ගුවන්තොටුපොළ දක්වාත් ප්‍රවාහන පහසුකම් සපයයි. Grindlays Regency හෝටලය වර්තමානයේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ඇතුළු අවට ප්‍රදේශවල ජනතාවට රැකියා රැසක් සපයා ඇත.