Home » Unicorn Tyre Retreads විශිෂ්ටතා සම්මාන දිනයි

Unicorn Tyre Retreads විශිෂ්ටතා සම්මාන දිනයි

by mahesh
April 25, 2025 1:00 am 0 comment

Unicorn Tyre Retreads පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙළේදී රබර්, ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධාන කළ එම සම්මාන උලෙළ පසුගියදා කොළඹදී පැවැත්විණි. කෙටි කාලයක් තුළ ශ්‍රී ලාංකික කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් බවට පත් වී ඇති Unicorn Tyre Retreads ලියාපදිංචි කාර්යාලය සහ කර්මාන්තශාලාව වටරැක, පානළුව ප්‍රදේශයේ පිහිටි කාර්මික සංවර්ධන මණ්ඩල කර්මාන්තපුරයේ පිහිටා ඇත. එම සමාගම ටයර් ෆ්ලැප්, සාම්ප්‍රදායික සහ pre-cured යන ක්‍රම දෙකම භාවිත කරමින් ටයර් නැවත පිරවීම, pre-cured ට්‍රෙඩ් ලයිනර්, බොන්ඩින් ගම්, රබර් සංයෝග ඇතුළු පුළුල් පරාසයක විහිදී ඇති නිෂ්පාදන සහ සේවා සපයයි.

කලාපයේ වඩාත් විශ්වසනීය සහ තිරසර ටයර් නැවත පිරවීමේ සහ ෆ්ලැප් නිෂ්පාදන සහකරු බවට පත් වීම Unicorn Tyre Retreads සමාගමේ දැක්ම වන අතර එම වෙළෙඳපොළ නායකත්වය තහවුරු කරමින් පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාර සහකරුවන්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය සැපයීම ඔවුන්ගේ අරමුණයි. කළමනාකරණ ක්ෂේත්‍රයේ පුළුල් අත්දැකීම් සහිත කාර්ය

මණ්ඩලය, දේශීය සහ විදේශීය ගැනුම්කරුවන් සමඟ ගොඩනඟා ගත් ශක්තිමත් සම්බන්ධතා, අත්දැකීම් සහිත අලෙවිකරණ කණ්ඩායම, තරගකාරි මිල ක්‍රමය, නවීන තාක්ෂණය, සහ නවීන යන්ත්‍රෝපකරණ සමාගමේ දැක්ම සහ මෙහෙවර සාක්ෂාත් කර ගැනීමට දායක වේ.

Unicorn Tyre Retreads සමාගම අනුගමනය කරන නව්‍ය ක්‍රියාවලි ටයර් සැකිලිවල ආයු කාලය ඉහළ නංවන බැවින් ඒ සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. නිෂ්පාදන කටයුතුවලට භාවිත කරන රබර් සංයෝගවල ඉහළ ගුණාත්මකභාවය වැඩිදුර ධාවනයක් සහ සුවපහසු අත්දැකීමක් සහතික කරයි. මෙම විශේෂාංග පාරිභෝගික තෘප්තිය ඉහළ නංවා ඇත. ‘විශිෂ්ට තත්ත්වයෙන් – අතිවිශිෂ්ට සේවයෙන් – අවම මිලට’ යන තේමාව මුල් කර ගෙන Unicorn Tyre Retreads කටයුතු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT