ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් ඇතිව නොමැති බවත් ජාතික ආරක්ෂාව සම්බන්ධව ඉතාමත් හොඳ වැඩපිළිවෙලක් රජය දියත් කර ඇති බවත් ආරක්ෂක නියෝජ්‍යය අමාත්‍යය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර රණජයපුර රණවිරු නිවාස සංකීර්ණයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ගම්වාසීන් සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත පිළිතුරු ලබා දෙමින්ය.
එහිදී මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.
“අද අපේ මේ පරමාර්ථය වෙන්නේ රණජයපුර රණවිරු ගම්මානයේ සංචාරය කරලා, ඒ ගම්මානේ කාලයක් තිස්සේ ඇතිවෙලාතියෙන ප්‍රශ්න ආරවුල් ගැටලු ඒ සම්බන්ධව සාකච්ඡා කරලා මේ සමිතියේ සභාපතිතුමාව හමුවෙලා , ඒ වගේ මේ ප්‍රදේශය භාරව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමවත් සමග ඒ කටයුතු සම්පාදනය කරගන්නේ කොහොමද ඉස්සරහට සහ මේ රණවිරු ගම්මානයට ආරක්ෂක අමාත්‍යංශයෙන් අපි මොනවාද? සිද්ධ කළ යුත්තේ ඒ වගේ ගැටළු රාශියක් අද සාකච්ඡා කරා ඒ සම්බන්ධව කටයුතු කරන්න තමයි අපි පැමිණියේ එක තමයි අපේ අරමුණ. “
මාධ්‍යවේදීයා -ඔබතුමාගේ අමාත්‍යංශය යටතේ තමයි ජාතික ආරක්ෂාව තියෙන්නේ, ඒ නිසා තමයි මේ ප්‍රශ්නය නැවත වතාවක් අහන්නේ, ඩෑන් ප්‍රියසාද් ඝාතනයට ලක් වුණා , ඔබතුමන්ලා ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියලා බංකු අරන් එන්න කිව්වා ඔබතුමන්ලා, දැන් ඒ ආණ්ඩුව යටතේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නේද?
නියෝජ්‍යය අමාත්‍යයවරයා – කිසිම ගැටලුවක් ඇති වෙලා නෑ, ජාතික ආරක්ෂාව සම්බන්ධව ඉතාමත් හොඳ වැඩපිළිවෙලක් අපි දියත් කරලා තියෙනවා. මේ රජය විසින් ඒ සම්බන්ධව සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාට විරුද්ධව අපි නීත්‍යාණූකූළව කටයුතු කරන්න සැලසුම් සකසලා තියෙනවා.
මාධ්‍යවේදීයා -පසුගිය මැතිවරණ වලදී ඔබතුමන්ලා ජනතාවට විශාල පොරොන්දු ප්‍රමාණයක් දුන්නා, ඒ පොරොන්දු මේ කාළය තුළ ඉටු කිරීමට අපොහොසත් වීමත් එක්ක ජනතාව ඔබතුමන්ලාගෙන් ඈත් වීමක් දක්නට ලැබනෙවා. අද දවසේ හමුවටත් මේ ගම්මානයේ ජනතාවගේ සහභාගීත්වය මදි, ඔබතුමන්ලා ගැන ජනතාවගේ තියෙන ප්‍රසාදය අඩු වෙලාද?
නියෝජ්‍යය අමාත්‍යයවරයා –
කිසිම අඩුවෙලා අඩුවෙලා නැහැ. වැඩි වෙලා . තවත් වර්ධනය වෙනවා. මේ ඉදිරි මැතිවරණයෙන් එතකොට බලාගන්න පුළුවන් ඒ ජනතා ප්‍රසාදය ව්‍යාප්තිය හ ඒ සාර්ථකත්වය සහ අපේ වැඩපිළිවෙළ වල සාර්ථකත්වය.
අනිවාර්යෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නවා ජාතික ජන බලවේගය.