Friday, April 25, 2025
Home » “අපරාධකරුවන් සොයා පෘතුවියේ කෙලවර දක්වාම ලුහුබඳිනවා” – අගමැති මෝදිගෙන් සැර ප්‍රකාශයක්

“අපරාධකරුවන් සොයා පෘතුවියේ කෙලවර දක්වාම ලුහුබඳිනවා” – අගමැති මෝදිගෙන් සැර ප්‍රකාශයක්

by chanaka
April 25, 2025 9:47 am 0 comment

කාශ්මිරයේ සංචාරකයන්ට ප්‍රහාර එල්ල කළ අපරාධකරුවන් සොයා පෘතුවියේ කෙලවර දක්වාම ලුහුබඳින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කරයි.

අගමැතිවරයා ඉතා අවේගශීලී අන්දමින් ඉංග්‍රීසි බසින් පහල්ගම් හිදී සංචාරකයන් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්මින් මේ බව සදහන් කර ඇත.

කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයට අයත් පහල්ගම් හිදී සංචාරකයන් ඉලක්ක කර පසුගියදා (22) එල්ල වූ ප්‍රහාරයකින් 26 දෙනෙකු මිය ගියහ.

ඒ සමග පාකිස්තානය සම්බන්ධ ප්‍රධාන දේශ සිමා හරස් මාර්ගය වසාදමා තිබේ.

ජලය බෙදා ගැනිමේ ගිවිසුමක් ද අත්හිටුවා ඇති අතර රාජ්‍ය තාන්ත්‍රිකයන් ද නෙරපා හැරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් ප්‍රහාරයට සම්බන්ධ බවට නැගෙන චෝදනා පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි.

ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ගත් ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දැක්වීමේ සාකච්ඡා සඳහා පාකිස්තානය ජාතික ආරක්ෂක රැස්වීමක් ද කැඳවා ඇති බව වාර්තා වේ.

මිය ගිය අයගේ අවමංගල්‍ය කටයුතු අද (25) සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා අතර සඳහන්ය..

මිය ගිය අය අතර මධුසමය ගත කළ මනමාලියෙකු සහ නිවාඩුවක් ගත කළ ව්‍යාපාරිකයෙකු ද වේ.

ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තානය පදනම් කර ගත් ලෂ්කර් ඊ තායිබා සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවය.

මේ දිනවල ක්‍රියාත්මක පාකිස්තාන සුපර් ලීගයේ (ඵ්Sළ්) ඉතිරි තරග සියල්ල ඉන්දියාව තුළ විකාශය අත්හිටුවා ඇත.

කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්තානයට ඍජුවේම චෝදනා කරන ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් මේ වනවිට ගනිමින් සිටින අතර, එහි තවත් දිගුවක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT