Home » නගර මැද ඔරලෝසු කණුවේ වෙලාව නැවතිලා

නගර මැද ඔරලෝසු කණුවේ වෙලාව නැවතිලා

by sachintha
April 24, 2025 1:42 am 0 comment

අතුරුගිරිය නගර මධ්‍යයෙහි ඉදිකර ඇති, මුහුණත් හතරකින් සමන්විත හෝරා ස්ථම්භයේ, මුහුණත් තුනක වෙලාව සටහන් මුහුණත් මාස කිහිපයකට සිට අක්‍රිය වී ඇතැයි වෙළෙඳ ප්‍රජාව පවසති. මෙම හෝරා ස්ථම්භයේ එක් මුහුණතක වේලාව නිවැරදිව සටහන් වුවත්, එයද ක්‍රමයෙන් අක්‍රිය වෙමින් පවතින බව ඔවුහු පවසති. එමෙන්ම නගරයට පැමිණෙන ජනතාවටත්, වෙළෙඳ ප්‍රජාවටත්, බස් රථ රියැදුරන්ටත්, දිවා රාත්‍රී දෙකෙහිම මෙම හෝරා ස්ථම්භයෙහි නිවැරදිව වේලාව දැක ගැනීමට ඉතාමත් ප්‍රයෝජනවත් වූ බව ඔවුහු පෙන්වා දෙති.

ජනතාවට එවැනි විශාල සේවයක් සලසන මෙම හෝරා ස්ථම්භයේ මේ වන විට අක්‍රිය වී ඇති මුහුණත් තුනේ වේලා සටහන් තිර, යථා තත්ත්වයට පත් කර දෙන මෙන් ඔවුහු වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT