Home » කොරඹුරුවා­‍නෙන් කිරමආරට කුණු කසළ දමලා

කොරඹුරුවා­‍නෙන් කිරමආරට කුණු කසළ දමලා

by sachintha
April 24, 2025 1:41 am 0 comment

නිල්වලා ගංගාවේ ප්‍රධානම අතු ගංගාවක් වන කිරමආරට කඹුරුපිටිය, කොරඹුරුවාන, පෙට්ටිකඩේ අසලින් අපද්‍රව්‍ය දැමීමෙන් ඒවා ජලයට මිශ්‍ර වීම නිසා සෞඛ්‍ය මෙන්ම පාරිසරික ගැටලු රාශියක් මතුවී ඇත.

මෙම අපද්‍රව්‍ය අතර ප්ලාස්ටික්, යෝගට් කෝප්ප, හිස් බියර් ටින් හා ජල බෝතල් පොලිතින් මෙන්ම නගරයේ හෝටල් සහ වෙළෙඳසල්වලින් ඉවත් කරන ලද මස් මාළු කොටස් ඇතුළු ආහාර ද්‍රව්‍ය හා ඉඳුල් ද බහුල වශයෙන් දැක ගත හැකිය.

මෙම තත්ත්වය නිසා ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් හමන අතරම, එම අපද්‍රව්‍ය ජලයට මුසුවීම නිසා ජලය ද දැඩි අපිරිසිදු තත්ත්වයට පත් වී ඇත. එසේම හිස් ටින් ආදියට වැසි ජලය එක් රැස්වී මැසි මදුරු ගහනය වැඩිවීමක් ද සිදුව ඇත. මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවී කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස ප්‍රදේශවාසී ජනතාව ඉල්ලා සිටිති.

තෙලිජ්ජවිල සමූහ – වජිර පූජිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT