Home » හැටන්-විල්ෆ්‍රඩ්පුර පාර හදනවාට පක්ෂ දෙකකින් බාධා

හැටන්-විල්ෆ්‍රඩ්පුර පාර හදනවාට පක්ෂ දෙකකින් බාධා

by sachintha
April 24, 2025 1:41 am 0 comment

හැටන්-දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුර ප්‍රදේශයට පිවිසෙන මාර්ගය හැටන්-දික්ඔය නගර සභාවේ තාක්ෂණ නිලධාරියා විසින් පෙරේදා (22) ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන්-දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක අපේක්ෂකයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් එම කටයුත්ත නතර කිරීමට හැටන්-දික්ඔය නගර සභාවේ නිලධාරින් පෙරේදා (22) පියවර ගෙන ඇත.

කාලයක් තිස්සේ එම මාර්ගය විශාල වළවල් හෑරී කඩතොලු වී තිබූ නිසා මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා වන නිසා හැටන් දික්ඔය නගර සභාවේ තාක්ෂණ නිලධාරියා විසින් එම මාර්ගයේ වළවල් වසා දැමීමට නගර සභා සේවකයින් යොදවා තිබියදී එම ස්ථානයට පැමිණි ලංකා කම්කරු කොංග්‍රසයෙන් නගර සභාවට තරග කරන අපේක්ෂකයින් දෙදෙනෙකු එම කටයුත්ත තම ඉල්ලීම පරිදි සිදු කරන බවට ප්‍රදේශවාසීන්ට හුවාදැක්වීමට උත්සාහ කරමින් සිටින අවස්ථාවේ එම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී සහ සමඟි ජන බලවේගයේ අපේක්ෂකයෙකු හැටන් දික්ඔය නගර සභාවේ තාක්ෂණ නිලධාරියා වෙත දුරකතනයෙන් අමතා සිය විරෝධය දැක්වීමෙන් පසු එම මාර්ගය තාවකාලිකව පිළිසකර කිරීම නතර කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් පියවර ගැනිණ.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT