Home » අම්මඩුවේ විමල හිමියන්ගේ ජන්ම දිනය සමරා පින්කම් රැසක්

අම්මඩුවේ විමල හිමියන්ගේ ජන්ම දිනය සමරා පින්කම් රැසක්

by sachintha
April 24, 2025 1:37 am 0 comment

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රත්නපුර දිසාවේ අධිකරණ සංඝනායක අධ්‍යාපනපති අම්මඩුවේ විමල නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් වෙරළුගහමුල ශ්‍රී ජිනේන්ද්‍රාරාම එකමුතු සුබසාධක සමිතිය මඟින් නවවන වරටත් සංවිධානය කරන ලේ දන්දීමේ වැඩසටහන ඊයේ (23) දවස පුරා වෙරළුගහමුල ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්විය.

රක්වාන, වෙරළුගහමුල ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරාධිපති ධුරයේ කටයුතු කරන අම්මඩුවේ විමල නාහිමියන්ගේ 69 වන ජන්ම දිනය මෙදිනට යෙදී ඇති අතර, ශ්‍රී ජිනේන්ද්‍රාරාම එකමුතු සමිතිය විසින් වැඩසටහන් රැසක් මෙදින සංවිධානය කර තිබිණි. ලේ දන්දීමේ පින්කමට අමතරව මහා සඟරුවනට, විහාරස්ථ දායක සැමට, රටවාසී ජනතාවට සෙත්පතා රූපවාහිනි, ගුවන්විදුලි විචිත්‍ර කාව්‍ය ධර්ම දේශක සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන ශෝභන කාව්‍ය විශාරද කොටියාගල සාරානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ආශීර්වාදාත්මක අබතෙල් පහන් පූජාවක් ද එදින සවස 5.00 ට වෙරළු ගහමුල ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්විය.

රක්වාන – ඉන්දික සී. කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT