Home » නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන්වන ලද බීඩි කොළ-එනසාල්-කෘමිනාශක රැගෙන ආ යාත්‍රාවක් ‍කොටු

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන්වන ලද බීඩි කොළ-එනසාල්-කෘමිනාශක රැගෙන ආ යාත්‍රාවක් ‍කොටු

by sachintha
April 24, 2025 1:30 am 0 comment

මීගමුව කොට්ඨාසයේ බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ගේ හා නාවික හමුදා බුද්ධි නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරක් මත දුංගල්පිටියේ පොලිස් වසමේ පිටිපන මුහුදු තීරයේදී නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන්වන ලද බීඩි කොළ කිලෝ 67ක් හා ග්‍රෑම් 800ක උර දෙකක්, එනසාල් කිලෝ 75යි, ග්‍රෑම් 400ක උර දෙකක්, කෘමි නාශක බෝතල් 1156ක්, කෘමිනාශක පැකට් 4224ක්, ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් නාවික හමුදා දූව උප ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (22) අත්අඩංගුවට ගනු ලැබීය. එම නඩු භාණ්ඩ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශනය කාර්යාංශයේ නිලධාරීන් වෙත එදින භාරදී ඇත. එම ද්‍රව්‍යවල මුළු වටිනාකම ලක්ෂ 150ක් පමණ වනබව පොලීසිය සඳහන් කළේය. කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර මෙම ද්‍රව්‍යයන් නීති විරෝධී ලෙස මෙරටට ගෙනඒම සිදු කරනු ලබන පුද්ගලයන් සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද නියමිතය.

 

කොච්චිකඩේ – ඩී. මිහිඳුකුල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT