ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු පුහුණුව ලබන ගුරු සිසු සිසුවියන්ගේ ‘‘පාසල හා ප්‍රජාව” යන සේවා ගුරු පුහුණුව යටතේ හාපිටිගම ජාතික අධ්‍යාපන පීඨයේ පුහුණුව ලබන ගුරු සිසු සිසුවියන් මහව, ගිරිබාව ප්‍රදේශවල ග්‍රාමීය දුෂ්කර පාසල් 6 ක භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ සුවිශේෂ සමාජ සත්කාරක සේවාවක නිරත විය.
විද්‍යාපීඨ ගුරු සිසු සිසුවියන් 380ක පමණ කථිකාචාර්ය මණ්ඩල, අනධ්‍යන අංශවල ද දායකත්වය ඇතිව පුරා දින 3ක් තුළ (2,3,4) ක්‍රියාත්මක කළ මෙම අධ්‍යාපන සංවර්ධන සමාජ මෙහෙවර තුළින් ලක්ෂ ගණනක් වටිනා වැඩ කොටසක් ඉටුකර දී ඇති බව සංවිධායක හා කථිකාචාර්ය මණ්ඩලයේ ප්‍රභාත් මහතා පැවසීය.
ගිරිබාව කොට්ඨාසයේ ලක්විජය මහ විද්‍යාලය, ගිරිබාව මහ විද්‍යාලය, ගිරිබාව ප්‍රාථමික විද්‍යාලය, සාලිය අශෝක මහ විද්‍යාලය ඇතුළු පාසල් 6 ක මෙම සංවර්ධන කටයුතු සිදු කෙරිණි. පීඨාධිපති ඇතුළු කථීකාචාර්ය මණ්ඩලයේ දායකත්වය මත සිදු වූ මෙම සේවාවන් සඳහා එම පාසල්වල සිසු සිසුවියන්ගේ සහභාගිත්වය ලබා දී තිබුණි.
මේ යටතේ ඩෙස් පුටු නවීකරණය, අබලන් පන්ති කාමර, දොර ජනෙල් පිළිසකර කර පාසල් ගෙවතු පවිත්‍රතාව, පන්ති කාමර අලංකරණය මෙන්ම පාසල් සිසුන් සඳහා කුසලතා සංවර්ධනය, අධ්‍යාපන ක්‍රියාකාරකම් පැවැත්වීම එම දින 3,4 තුළ සිදු කළ සුවිශේෂී ක්‍රියාකාරකම් වේ.
වතුරුගම සමූහ – කේ.කේ.එස්. ආරියදාස