Home » හොරෙන් ගෙනා ලක්ෂ 115ක රට සිගරැට් ගුවන් තොටේදී මාට්ටු

හොරෙන් ගෙනා ලක්ෂ 115ක රට සිගරැට් ගුවන් තොටේදී මාට්ටු

by sachintha
April 24, 2025 1:19 am 0 comment

රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු, කටුනායක ගුවන් තොටුපොළ Òහරිත මාවතÓ ( Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කරමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඊයේ (23) අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.

මොවුන් අතරින් එක් අයකු මහනුවර, පේරාදෙණිය ප්‍රදේශයේ පදිංච් 25 හැවිරිදි පෙදරේරුවරයෙකි.

අනෙක් ගුවන් මගියා කොළඹ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මොවුන් ඊයේ (23) අලුයම 05.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්-226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් විසින් ගෙන ආ ගමන් මලු තුළ Òප්ලැටිනම්’ සහ Òමැන්චෙස්ටර්’ වර්ගයේ දුම්වැටි 77,000ක් අඩංගු දුම්වැටි කාටූන් 385 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් මගීන් දෙදෙනා අත්අඩංගුවේ තබාගෙන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT