Home » ඉවාන් හේමචන්ද්‍ර අසරණ සරණ පදනමෙන් ආධාර බෙදා දීමක්

ඉවාන් හේමචන්ද්‍ර අසරණ සරණ පදනමෙන් ආධාර බෙදා දීමක්

by sachintha
April 24, 2025 1:19 am 0 comment

සිංහල හින්දු අලුත් අවුරුද්ද මුල්කර ගනිමින් ‘ඉවාන් හේමචන්ද්‍ර අසරණ සරණ පදනම’ සංවිධානය කළ වියළි ආහාර මලු හා මුදල් ආධාර ලබා දීමේ වැඩසටහනක් පසුගියදා කඩුවෙලදී පැවැත්විණි.

එම පදනම මඟින් දශකයකට අධික කාලයක සිට සරණක් අවැසි කඩුවෙල ජනතාව වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය, මුදල් ආධාර පිරිනමනු ලබන අතර, මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ද අඩු ආදායම්ලාභීන්ට සහ අාබාධිත පුද්ගලයන්ට මෙම පරිත්‍යාගයන් සිදු කර තිබේ. ආපදා අවස්ථාවන්හිදී ද ජනතාව වෙනුවෙන් අවශ්‍ය ආධාර උපකාර සිදු කර ඇති හේමචන්ද්‍ර මහතා සිය පෞද්ගලික මුදලින් මෙම උපකාර සිදු කර ඇත.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT