ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය මඟින් සංවිධාන කරන ලද සමාජ සත්කාරක වැඩසටහනක් පසුගියදා කළුතර හා රත්නපුර දිස්ත්‍රික් මායිමේ පිහිටි ගවරගිරිය ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
අක්ෂි සායනයක්, සුවනාරි සායනයක්, රුධිර පරීක්ෂණ, ශරීර ස්කන්ධ දර්ශක මැනීම, වෛද්‍ය උපදෙස් ලබා දීම, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 200ක් සඳහා අභ්‍යාස පොත් ප්‍රදානය, වන රුක් රෝපණ වැඩසටහන, දහම් පාසල් සිසු සිසුවියනට ප්‍රථමාධාර පුහුණුව, දහම් පාසලට ප්‍රථමාධාර කට්ටලයක් ලබා දීම ආදී අංග රැසක් මීට ඇතුළත් විය.
ගවරගිරිය ශ්‍රී පූර්වාරාම විහාරාධිපති පරගල සෝභිත හිමි ද, ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා ද සිල්වා, පාලක මණ්ඩල සාමාජික මහාචාර්ය දිලිප් ද සිල්වා යන මහත්ම මහත්මීන් ද, වෛද්‍යවරුන්, හෙදියන් හා හොරණ ශ්‍රීපාලි සහ තක්ෂිලා යන විදුහල්වල සෞඛ්‍යදාන ඒකකවල ගුරු මහත්ම මහත්මීන් හා සිසු සිසුවියන් පිරිසක් ද මීට එක්ව සිටියහ.
කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි