Home » නිල යතුරුපැදිය බසයේ හැපී රෝහල්ගතව සිටි පී.සී. මරුට

නිල යතුරුපැදිය බසයේ හැපී රෝහල්ගතව සිටි පී.සී. මරුට

by sachintha
April 24, 2025 1:18 am 0 comment

කොළඹ – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගොඩකවෙල, මල්වත්ත ප්‍රදේශයේදී රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනකු ගමන් කළ යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් එක් පොලිස් නිලධාරියකු කලින් මියගිය අතර අනෙක් පොලිස් නිලධාරියා රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරුමුවට පත්ව තිබේ.

පැල්මඬුල්ල පොලීසියේ රථවාහන අංශයේ සැරයන්වරයකු ලෙස සේවය කළ. ඒ.එන්.ජී. සුරේෂ් සංජීව (43) දෙදරු පියා ඉකුත් 21 වැනිදා මරුමුවට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

පසුගිය 10 වැනිදා රාත්‍රි 8.30ට පමණ මොනරාගල සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය ගොඩකවෙල නගරය ආසන්නයේදී ගැටී තිබුණි.

පැල්මඬුල්ල පොලීසියේ රථවාහන අංශයේ සැරයන්වරයකු ලෙස සේවය කරමින් සිටි 41 හැවිරිදි සංජීව තුෂාර වීරසිංහ මහතා අනතුර සිදුවූ අවස්ථා‍ෙව්දී මරුමුවට පත්ව තිබේ. ඔහු එක් දරු පියෙකි.

බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. මියගිය පොලිස් නිලධාරිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඇඹිලිපිටිය මූලික රෝහලේදී පැවත්වීමට නියමිතව ඇත.

කහවත්ත ලසන්ත නිරෝෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT