Home » ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝදයක් ගින්නකින් සම්පූර්ණයෙන් විනාශයි

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝදයක් ගින්නකින් සම්පූර්ණයෙන් විනාශයි

by sachintha
April 24, 2025 1:17 am 0 comment

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් ඊයේ (23) දින ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලීසිය පැවසීය. එම ත්‍රිරෝද රථය ගිනිගෙන ඇත්තේ හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ට්‍රැඩන්වත්ත ප්‍රදේශයේදීය. හැටන් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබාගෙන ත්‍රිරෝද රථයට මගීන් දෙදෙනකු නංවාගෙන මහනුවර දක්වා කුලී ගමනක් සඳහා යන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පසුපසින් ගින්න හට ගත් බව රියැදුරා කියා සිටියේය. ගිනි ගනිමින් තිබුණු ත්‍රිරෝද රථයේ ගින්න පාලනය කිරීමට ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වාහනවල රියැදුරන් සහ ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත. අනතුරින් කිසිවකුටත් තුවාල සිදුව නොමැති වුවත් ගින්නෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත්, ගින්නට හේතුව ඉන්ධන කාන්දුවක් බවට සැක කරන බවත් ගින්න පිළිබඳව පරීක්ෂණ පවත්වන හැටන් පොලීසිය පැවසීය.

නෝවුඩ් සමූහ රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT